Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී) මීළඟ සභාපතිවරයා ලෙස ස්ටීවන් ෆ්‍රයි මහතා, අද පැවැති වාර්ෂික මහ සභා රැස්වීමේදී ප්‍රකාශයට පත් කර ඇත. වත්මන් සභාපතිනි ක්ලෙයාර් කොනර් මහත්මිය විසින් ලෝඩ්ස්හිදී පැවැති 235 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී ස්ටීෆන් ෆ්‍රයි මහතාගෛ් නම යෝජනා කරන ලද අතර ඔහු මේ වසරේ (2022) ඔක්තෝම්බර් 1 වන දින තනතුර භාර ගනු ඇත.
ජීවිත කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩාව සමග දැඩිව වෙළී සිටි ෆ්‍රයි මහතා එම්.සී.සී. පදනමේ අනුශාසකයෙකු වන අතර, පසුගිය වසරේ (2021) කොලින් කවුඩ්රි දේශනය පවත්වන ලද්දේත් ස්ටීවන් ෆ්‍රයි මහතා විසිනි.
“එම්.සී.සී. හි මීළඟ සභාපතිවරයා ලෙස නම් කිරීම ගැන මට ගෞරවයක් සහ ආඩම්බරයක් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරමින් එහි නීති සකසන ලොව පුරා ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක් වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මෙම භූමිකාව ඉටු කිරීමට අවස්ථාව ලබා දීම ගැන සැබවින්ම නිහතමානීව සතුටු වෙනවා” යැයි ෆ්‍රයි මහතා පැවසීය.
“මෙම ඇදහිය නොහැකි අවස්ථාව සඳහා මම ක්ලෙයාර්ට ස්තූතිවන්ත වෙනවා. මගේම රාජකාරී ආරම්භ කිරීමට පෙර ඇයට සහාය වීමට මම බලාපොරොත්තු වෙනවි” යයිද නව සභාපතිවරයා පැවසීය.
ඉංග්‍රීසි චිත්‍රපට සහ වේදිකා නාට්‍ය නළුවෙක්, තිර රචකයෙක්, කතුවරයෙක්, නාට්‍ය රචකයෙක්, මාධ්‍යවේදියෙක්, කවියෙක්, විකට නළුවෙක්, රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස ස්ටීවන් ෆ්‍රයි මහතා කටයුතු කර ඇත. ඔහු මානසික සෞඛ්‍යය වෙනුවෙන්ද පෙනී සිටින්නෙකු වන අතර දශකයකට වැඩි කාලයක් මානසික සෞඛ්‍ය පුණ්‍යායතනයක සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
2011 වසරේ සිට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සාමාජිකයෙකු වන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන්නෙකු ලෙස ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 20 වැනිදා ස්ටීවන් ෆ්‍රයි මහතා විසින් කොලින් කවුඩ්රි දේශනය පවත්වන ලදි. කොලින් කවුඩ්රි දේශනය පැවැත්වූ, ක්‍රිකට් ක්‍රීඩකයකු නොවන දෙවන තැතැත්තාන ඔහු වූ අතර ඔහුගේ ආවේගශීලී කතාව ප්‍රබල මෙන්ම අමතක නොවන එකක් විය.
ඉගැන්වීමේ කටයුතු සඳහා ක්‍රිකට් නීතිවල අංග පැහැදිලි කිරීමට සකස්කළ වීඩියෝ මාලාවක් විස්තර කිරීමට ස්ටීවන් ෆ්‍රයි මහතා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සමගින් මින් පෙර කටයුතු කර ඇත.
“ස්ටීවන් මගේ අනුප්‍රාප්තිකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් සහ සැලකිල්ලක් දක්වන අතර ඔහු එම්.සී.සී හි අපූරු තානාපතිවරයෙකු වෙයි” යැයි වත්මන් සභාපතිනි ක්ලෙයාර් කොනර් මහත්මිය පැවසීය.
“පසුගිය වසරේ ඔහු විසින් පවත්වන ලද කොලින් කවුඩ්රි දේශනය ප්‍රබෝධමත් එකක් වූනා. එම්.සී.සී. සහ ක්‍රිකට් යන දෙඅංශයේම මුහුණ දෙන අභියෝග සහ අවස්ථාවන් ඔහු කෙතරම් දුරට තේරුම් ගෙන ඇත්ද යන්න පෙන්නුම් කළා”
“ඔහු එම භූමිකාවට අත්දැකීම් සම්භාරයක් ගෙන එනු ඇති අතර ඔහු ඔහුගේ වසර හොඳින් භුක්ති විඳිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි සභාපතිවරිය වැඩි දුරටත් පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.