Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙල්බන් නුවර හෝටලයක විදුලි සෝපානයේ පැයකට ආසන්න කාලයක් සිරවී සිටිමට තමාට සිදුවූ බව ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායක ස්ටීව් ස්මිත් සිය ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සටහන් කර තිබේ.
එංගලන්තය පරාජය කරමින් අළු බදුන ටෙස්ට් තරගාවලිය නිමා කිරිමෙන් දින දෙකකට පසුව මෙවැනි තත්වයට මුහුණ දීමෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වූ බව දක්වමින් ඔහුගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ විඩියෝ දර්ශන 10 ක් ඇතුළත් කර තිබිණ.
”මම ඉන්නේ මගේ තට්ටුවේ... මම මේ තට්ටුවේ රැඳී සිටි නමුත් දොරවල් විවෘත නොවීය.” යැයි 32 හැවිරිදි ස්මිත් සදහන් කළේය.
”මම සැලසුම් කළ සන්ධ්‍යාව මෙය නොවේ. මම ආයෙමත් මේ වගේ අත්දැකීමට නම් මුහුණ දෙන්න කැමති නෑ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ප‍්‍රකාශයට පත්කරන ලද දර්ශන තුළ දැක්වෙන්නේ ස්මිත් සෝපානයේ බිම වාඞී වී සිටින ආකාරයයි. කිසිවකු උදව්වට පැමිණෙන තුරු තම කණ්ඩායම් සගයා වන මානස් ලැබුෂේන් විසින් විදුලි සෝපානයේ දොර දෙක අතර කුඩා පරතරයෙන් ඔහුට චොකලට් දෙමින් සිටියේය.
ස්මිත් සිය අවසාන වීඩියෝව රූගත කිරිමට පෙර, හිස්වැසුමක් පැළද මෙවලම් කට්ටලයක් රැුගෙන ආ මිනිසෙකු විසින් ඔහු පිටතට ගන්නා ලදී.
”ආරක්ෂිතව නැවත මගේ කාමරයට පැමිණියා... ඇත්තටම අවසානයේ විදුලි සෝපානයෙන් පිටතට පැමිණියා”
”එය නිසැකවම විනාඩි 55 ක අත්දැකීමක්. ආයෙමත් මේ වගේ අත්දැකීමට නම් මුහුණ දෙන්න කැමති නෑ” යයි ස්මිත් සිට ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණ.
- 8535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.