Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ලාඩා තරගාවලියට සියැට් අනුග‍්‍රහය

ස්ලාඩා තරගාවලියට සියැට් අනුග‍්‍රහය

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා සංගමය මේ වසරේදී සංවිධානය කරන සියැට්-ස්ලාඩා මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාව සඳහා පිට පිටම තුන්වන වරටත් නාම අනුග‍්‍රාහකත්වය ලබාදීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම ඉදිරිපත් වී තිබේ.

මේ වසරේ සියැට්-ස්ලාඩා ශුරතාව සඳහා ඇතුළත් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි ගණන 6 කි.

අපේ‍්‍රල් 18 වැනිදා පැවැත්වෙන නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලියෙන් ආරම්භ වන සියැට්-ස්ලාඩා තරගාවලි මාලාවේ සීගිරිය සුපර්ක්‍රොස් තරගාවලිය මැයි 17 වැනිදාත්,  කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය ජුනි 14 වැනිදාත්, ගනර්ස් සුපර්ක්‍රොස් තරගාවලිය ජූලි 05 වැනිදාත්, ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය අගෝස්තු 30 වැනිදාත්, රොදර්හැම් කටුකුරුන්ද තරගාවලිය ඔක්තෝම්බර් 18 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

සියැට්-ස්ලාඩා ශූරතාව සඳහා වන සම්මාන ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ නොවැම්බර් 21 වැනිදායි.

ඡුායාරූපය - සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එන්. සී. වෙනුගෝපාල් (දකුණේ සිට දෙවැන්නා), ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා සංගමයේ සභාපති දිල්හාන් ජයවර්ධන මහතාට අනුග‍්‍රාහක ගිවිසුම පිරිනැමූ අවස්ථාව. සියැට් කැළණි සමාගමේ විකුණුම් හා අලෙවි උප සභාපති (දකුණු කෙළවරේ) සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා සංගමයේ ලේකම් රිස්වි ෆාරුක් යන මහත්වරුද මෙහි වෙති.   

036


අදහස් (0)

ස්ලාඩා තරගාවලියට සියැට් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.