Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැසිපන්දු (පිරිමි) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්ලෝවේනියාව, ඇමරිකාව, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව අද (3 වැනිදා) සමත් වූහ. ඒ අනුව අනිද්දා (5 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගවලදී ඇමරිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවද, ප්‍රංශයට එරෙහිව ස්ලෝවේනියාවද තරග බිමට පිවිසීමට නියමිතය.
එම තරගවලින් ජය ලබන කණ්ඩායම් රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් එළඹෙන 7 වැනිදා තරග වදින අතර එම තරගවලින් පරාජයට පත්වන කණ්ඩායම් ලෝකඩ පදක්කම වෙනුවෙන් එදිනම තරග වදිනු ඇත.
අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිඵල
ජර්මනිය විසින් ස්ලොවේනියාව පරාජය කරන ලදි (94-70)
ඇමරිකා එක්සත් ජනපදය විසින් ස්පාඤ්ඤය පරාජය කරන ලදි (95-81)
ප්‍රංශය විසින් ඉතාලිය පරාජය කරන ලදි (84-75)
ඔස්ට්‍රේලියාව විසින් ආර්ජන්ටිනාව පරාජය කරන ලදි (97-59)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.