Last Update  :  2025-03-31 15:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාග් ක්‍රීඩා උළෙලට දින නියම වෙයි

සාග් ක්‍රීඩා උළෙලට දින නියම වෙයි

editorial - 2025 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර කීපයක් තිස්සේ කල් ගිය 14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙල ලබන වසරේ (2026) ජනවාරි 23 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේදී පැවැත්වෙන බව දකුණු ආසියානු ඔලිම්පික් සභාව පෙරේදා (25) නිවේදනය කර සිටියේය.ඒ ඉස්ලාමාබාද් නුවරදී ඊයේ පැවැති එහි විධායක සභා රැස්වීමේදීය.

ඒ අනුව ක්‍රීඩා උළෙල එම දිනවලදී පාකිස්තානයේ ඉස්ලාමාබාද්, ලාහෝර් හා ෆයිසලාබාද් යන නගරවලදී පැවැත්වෙන අතර එහි සත්කාරය පාකිස්තානු ඔලිම්පික් කමිටුවට නිල වශයෙන් පැවැරීමත් ඊයේ එහිදී සිදු කෙරුණි.

ඉස්ලාමාබාද් නුවරදී ඊයේ පැවැති දකුණු ආසියානු ඔලිම්පික් සභාවේ විධායක රැස්වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි ක්‍රීඩකයන්ගේ කමිටුවේ සභාපති නිලූක කරුණාරත්න සහ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න යන මහත්වරු සහභාගි වූහ.

අවසන් වරට 13 වැනි සාග් ක්‍රීඩා උළෙල 2019 දෙසැම්බර් මාසයේදී නේපාලයේ කත්මන්දු නුවරදී පවත්වා තිබේ.එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 40 ක් දිනා තෙවැනි ස්ථානයට පත් විය.ඉන්දීයාව රන් පදක්කම් 174 ක් දිනා එහි සමස්ත ජයග්‍රාහකයා බවට පත් විය.

පාකිස්තානය සාග් ක්‍රීඩා උළෙලක සත්කාරය දරන්නේ වසර 20 කට පසුවය.අවසන් වරට වසර 2004 දී (ඉස්ලාමාබාද්) පාකිස්තානය සාග් ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය දරා තිබේ.කෙසේවූවත් පාකිස්තානයේ දේශපාලන අස්ථාවරභාවයන් මෙන්ම ගෝලීය කොවිඩ් වසංගතය 14 වැනි සාග් ක්‍රීඩා උළෙල අවස්ථා කීපයකදීම කල් යාමට හේතු විය.

 
 

අදහස් (0)

සාග් ක්‍රීඩා උළෙලට දින නියම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.