Last Update  :  2025-03-31 15:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාග් ක්‍රීඩා සංචාරයට වියදම් හරස් වෙයි?

සාග් ක්‍රීඩා සංචාරයට වියදම් හරස් වෙයි?

editorial - 2025 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් සිටි 14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙල වසර 2026 ජනවාරි 23 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ සත්කාරයෙන් පැවැත්වෙන බව නිල වශයෙන් ප්‍රකාශවී තිබියදී ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් අර්බුදයකට පත් වන ලකුණු පළවී තිබේ.

ඉස්ලාමාබාද්, ලාහෝර් හා ෆයිසලාබාද් යන නගර කේන්ද්‍ර කර ගනිමින් 14 වැනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්වීමේදී ඊට විස්සයි - 20 ක්‍රිකට් ඇතුළුව ක්‍රීඩා ඉසව් 27 ක් නිර්දේශ කර තිබේ. එහිදී පාපැදි ක්‍රීඩා ඉසව්ව ඉවත් කිරීම කැපී පෙනේ.

ඊට සූදානම්ව ජාතික පුහුණු සංචිත නොපමාව ආරම්හ කළ යුතු බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා මුණ ගැසෙමින් පවසා තිබේ.

කෙසේවූවත් සුබ්‍රමනියම් මහතා පවසන්නේ මෙම කටයුතු ආරම්භ කිරීමේදී මූල්‍යමය ගැටළු රැසකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදු විය හැකි බවයි. ශ්‍රී ලංකාවේ පරිපාලන ආරවුල් හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව වෙත අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව විසින් ලබා දෙන අරමුදල් වලට මේ වන විට සීමා පනවා තිබීමත් මෙම ගැටළුව තීව්ර කිරීමට හේතුවනු ඇතැයි වාර්තාවේ.

එසේවීමට හේතුව ජාතික ඔලිම්පික් කමිටුවේ මේ වන විට පැන නැගී තිබෙන ආරවුල් විසඳා ගන්නා තෙක් ශ්‍රී ලංකාවට ඔවුන් විසින් ලබාදෙන අරමුදල් සදහා සීමා පැනවී තිබීමයි.

ජාතික ඔලිම්පික් කමිටුව එය අවම කර ගැනීම සදහා එළඹෙන ඉස්ලාමාබාද් සාග් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවේ නියෝජනය සීමා කිරීමට යෝජනා කරයි. ශ්‍රී ලංකාව අවසන් වරට 2019 දෙසැම්බරයේ නේපාලයේ කත්මන්දු නුවරදී පැවැති 14 වැනි සාග් ක්‍රීඩා උළෙල සදහා 800 කට ආසන්න සමස්ත කණ්ඩායමක් සහභාගි කර තිබේ.

එහි සහභාගිත්වය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිකුත් කළ වියදම් ලේඛනයක මුළු පිරි වැය ලෙස දැක්වුණේ විසි නව (29) කෝටියකට වැඩි (29240000) මුදලකි.එහිදී නේපාලයේ නවාතැන් හා ආහාර පාන පහසුකම් සැපයීම සදහා පමණක් රුපියල් කෝටි13 කට වැඩි මුදලක් (12960000) ක් හා ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර සදහා රුපියල් කෝටි 10 කට වැඩි වියදමක්ද දරා තිබේ.

ඉස්ලාමාබාද් සාග් (2026) ක්‍රීඩා උළෙලට නිර්දේශ ක්‍රීඩා ඉසව්

ජල ක්‍රීඩා, දුන්නෙන් විදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බිලියඩ් - ස්නූකර්, බොක්සිං, කඩු හරඹ, ගොල්ෆ්, ජූඩෝ, කරාටේ, ඉලක්කයට වෙඩි තැබීම, ස්කොෂ්, මේසපන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, තුන් ප්‍රයාම, බර ඉසිලීම, මල්ලවපොර, වූෂූ, පැසිපන්දු, ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු (හෑන්ඩ්බෝල්), කබඩි, වොලිබෝල්, රුවල් ඔරු.

 

(පිරිමි ඉසව් පමණක් පැවැත්වෙන ක්‍රීඩා ඉසව්)

වෙරළ වොලිබෝල්, හොකී, රග්බී, වෙරළ අත්පන්දු (හෑන්ඩ්බෝල්)


අදහස් (0)

සාග් ක්‍රීඩා සංචාරයට වියදම් හරස් වෙයි?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.