Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ හරියටම දින 8 ක් පමණි.
දුම්මල වරම අතට ගත් යකැදුරන්සේ කී‍්‍රඩා අමාත්‍යංශ නිලධාරීන් එහේ මෙහේ දුවපනින සමයක, මහත් උනන්දුවෙන් කතා බහ කරන මාතෘකාව වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල යනු කුමක්ද? එහි ආරම්භය සිදුවූයේ කෙසේද? යන්න අවධානය යොමුකළ යුතු කරුණකි.
මීට වසර 31 කට ඉහතදී, මෙම කී‍්‍රඩා උළෙලේ පළමු වැන්න නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති නමුදු එහි මූල බීජය පැළපදියම් වූයේ 1981 දී ජර්මනියේදී පැවැති අන්තර්ජාතික ඔලිම්පික් සමුළු සැසිවාරයකදීය. ජර්මනියේ බේඞ්න් - බේඞ්න් නුවරදී පැවැති එම රැස්වීමේදී ඉන්දියාව, ශී‍්‍ර ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන්ට එක්ව කතාබහ කරන්නට දෙයක් තිබිණ. එනම් ආසියානු කී‍්‍රඩා උළෙලට 1974 සිට චීනයත් එක්වීම නිසා ආසියානු කී‍්‍රඩා උළෙලේදී තමන්ගෙන් පදක්කම් විශාල සංඛ්‍යාවක් ගිළිහී යාමේ අර්බුදයයි.
චීනයේ පදක්කම් දඩයම කෙසේවීදයත් ඔවුන්ගේ පළමු ආසියානු කී‍්‍රඩා උළෙලේදීම රන් 32 ක්, රිදී 46 ක් සහ ලෝකඩ 27 ක් සමගින් පදක්කම් 105 ක් දිනාගැනීමට චීන්නු සමත් වූහ. (1974) සිට ආසියානු කී‍්‍රඩා උළෙල 5 කදී රන් පදක්කම් 421 ක්, රිදී පදක්කම් 341 ක් සහ ලෝකඩ පදක්කම් 210 ක් සමගින් පදක්කම් 972 ක් චීන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ විසින් දිනාගන්නා ලදහ.
මෙය වඩාත් තදින් දැනුණේ ආසියානු කී‍්‍රඩා උළෙලේ කෙරුම්කාරයන්ව සිටි ඉන්දියාවට සහ පාකිස්තානටයි. ශී‍්‍ර ලංකාවටද එය නොදැනුණා නොවේ.
ආසියානු කී‍්‍රඩා ආරම්භ වූ 1951 (නවදිල්ලිය) සිට 1974 (ටෙහෙරාන්) දක්වා ආසියානු කී‍්‍රඩා උළෙල වලදී පදක්කම් 21 ක් (රන් 5 යි, රිදී 8 යි සහ ලෝකඩ 8 යි) දිනා සිටි ශී‍්‍ර ලංකාවට 1978 සිට 1986 දක්වා එකම පදක්කමක් හෝ දිනාගත නොහැකි විය. එහෙත් 1978 බැංකොක් ආසියානු කී‍්‍රඩා උළෙලේදී පමණක් චීනය පදක්කම් 151 ක් (රන් 51, රිදී 55 සහ ලෝකඩ 45 යි) දිනාගත්තේය.
මෙම තත්ත්වය හමුවේ ආසියානු කී‍්‍රඩා උළෙලේදී තමන්ගෙන් ගිළිහී යන පදක්කම් සංඛ්‍යාව ඉහළ දමාගැනීමේ නව ක‍්‍රමවේදයක් සොයා ගැනීමේ අභියෝගය ඉන්දිය, පාකිස්තානු, ශී‍්‍ර ලංකා සහ බංග්ලාදේශ කී‍්‍රඩා නිලධාරීන්ට තිබිණ. ඔවුන්ට ඒ ගැන කැක්කුමක් තිබිණ. සැබෑ වුවමනාවක් තිබිණ.
දකුණු ආසියාවේ රටවල් අතර නව තරග තලයක් නිර්මාණය කරමින් 1981 දී ඉන්දියාව, පාකිස්තානය, ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය මූලිකත්වය ගනිමින් දකුණු ආසියානු කී‍්‍රඩා සම්මේලන සංධානගතවිය.
ආරම්භයේදී එක`ගතාව වූයේ පළමු වසර 5 දී දකුණු ආසියානු කී‍්‍රඩා (සාග්) තරගාවලිය වාර්ෂිකව පැවැත්වීම වූවත් 1983 දී බංග්ලාදේශයට කී‍්‍රඩා උළෙල සංවිධානය කරගත නොහැකි විය. එහෙත් 1984 දී නේපාලයේ කත්මණ්ඩු නුවරදී පළමු වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල පැවැත්විණ.
පදක්කම් පවසට විසඳුමක් ලෙසින් ඇරඹි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට අද අත්වී ඇත්තේ ඉතාමත් ශෝචනීය ඉරණමකි.
කී‍්‍රඩා ඇමැතිවරයා සහ කී‍්‍රඩා අමාත්‍යංශය වටා රොදබැඳගෙන සිටින්නන්ට විදේශගතවීමේ වේදිකාවක් බවට සාග් කී‍්‍රඩා උළෙල පරිවර්තනය වී තිබේ. මෙම පරිවර්තනය කොතෙක්ද යත් කොළඹ පදනම් ආයතනයේදී පැවැති කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සුබපැතීමේ අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහභාගි වී සිටියේ එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පමණි.
කී‍්‍රඩා ඇමැතිවරයා පැය දෙකහමාරක් ප‍්‍රමාද වීම නිසා ඇමැතිවරයාගේ පැමිණීමට කළින් මැක්ස්වෙල් ද සිල්වා මහතාත් පිටව ගියේ කලින් යොදාගත් කටයුත්තක් තිබූ නිසා වන්නට ඇත.
දකුණු ආසියානු කී‍්‍රඩා සම්මේලන කී‍්‍රඩා උළෙලට (South Asian Sports Federation Games) හෙවත් සාග් කී‍්‍රඩා උළෙලට කණ්ඩායමක් යැවීමේ වගකීම ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවට මිස කී‍්‍රඩා අමාත්‍යංශයට නොවේ. කී‍්‍රඩා අමාත්‍යාංශය ඇත්තේ ඊට පහසුකම් සැලසීමට පමණි. එහෙත් අද සිදුවන්නේ කුමක්ද?
”මෙවර සාග් කී‍්‍රඩා උළෙල වෙනුවෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කරන ශී‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 475 දෙනෙක් සහ නිලධාරීහු 175 දෙනෙක් ඇතුළත් වෙති. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ගුවන් ගමන් වියදම පමණක් රුපියල් මිලියන 68 කි. ඊට අමතරව මෙම කී‍්‍රඩා උළෙල වෙනුවෙන් රුපියල් මිලියන 150 ක් පමණ මුදලක් වැය කෙරෙන බවත් කී‍්‍රඩා අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි”
- ජනවාරි 27 දා ලංකාදීප
මෙම ගණන් ඉලක්කම් අනුව කී‍්‍රඩා උළෙලට යාමට ගුවන් ප‍්‍රවේශපත‍්‍රයක මිල රුපියල් 1,04,615 ශත 38 කි. මෙය ඇදහිය නොහැක්කකි. මේ දිනවලම එංගලන්තයට යාමට සහ ඒමටත් රුපියල් 80,000 ක් වැනි මිලකට තනිපුද්ගල ප‍්‍රවේශපත‍්‍රයක් මිලදීගත හැකි බව ගුවන් ප‍්‍රවේශපත් නියෝජිතයෝ කියති.
කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතාගෙන් ඊයේ කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ කී‍්‍රඩා අමාත්‍යාංශයේ 40 දෙනෙක්, පළාත් කී‍්‍රඩා අධ්‍යක්‍ෂවරුන් 9 දෙනාත්, ඒ ඒ පළාත් කී‍්‍රඩා අධ්‍යක්‍ෂවරුන් විසින් නම්කරනු ලබන පුහුණුකරුවන් හෝ කී‍්‍රඩා නිලධාරීන් තිදෙනකු බැගින් තවත් 27 දෙනකුත් සාග් ලංකා කණ්ඩායමට එක්වන බවයි. එතැනම 76 දෙනෙකි.
වසර දෙකක විරාමයක් සහිතව, නියමිත අනුපිළිවෙළට රටින් රටට ගියද, ඊළ`ග දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට ලැබෙන්නේ 2022 දීය. එහෙත් මෙවර කී‍්‍රඩා උළෙලට යන පළාත් කී‍්‍රඩා නිලධාරීන් ඒ වන විට කොතැනක සිටීවිද? මේ විනෝද සවාරියක්ද?
පරිපාලන සේවා නිලධාරීන් වන ඔවුන් වසර කිහිපයකට වරක් තැනින් තැනට මාරු කිරීම සාමාන්‍ය පිළිගැනීමයි. එවන් තත්ත්වයක් යටතේ පළාත් කී‍්‍රඩා නිලධාරීන් සාග් කී‍්‍රඩා උළෙලට යැවීමේ අරමුණ කුමක්ද?
ඇස් පනාපිටම සිදුවන විගඩම් ඉවසාගත නොහී, මහත් කළකිරීමට පත්වූ ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සියල්ලෙන්ම ඈත්වී සිටී. සාග් කරත්තරෝදයට කවුරුන්හෝ කරදිය යතු හෙයින් මැක්ස්වෙල් ද සිල්වා මහතා දනිපනිගා සියල්ල කරතත් තරගාවලියට යන ශී‍්‍ර ලංකා කණ්ඩායම් වලට මාස දෙකක් වත් නිසිලෙස පුහුණුවීම් කළ නොහැකි විය.
රුපියල් මිලියන 150 ක් හෙවත් රුපියල් කෝටි 15 කට වැඩි වියදමක් දරමින් මේසා විශාල කණ්ඩායමක් කී‍්‍රඩා උළෙලට ගියද ඔවුන්ට පදක්කම් කීයක් ගෙන ආ හැකිවේද? මේ ප‍්‍රශ්නයට උත්තර සොයාගැනීමට නම් සාග් සවාරිය නිමාවන පෙබරවාරි 16 වැනිදා දක්වා බලා සිටිය යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.