Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන සාන්තුවරයන්ගේ සිවුකොන් ක්‍රීඩා තරගාවලිය මෙම මස 17 සහ 18 යන දිනවල ශාන්ත පීතර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ක්‍රිකට්, රග්බි සහ පැසිපන්දු යන ඉසව්වලින් සමන්විත වේ. ඊට අමතරව මෙම තරගාවලියට ප්‍රවීණයන්ගේ ක්‍රිකට් සහ පැසිපන්දු තරගද ඇතුළත් කර තිබේ.
තරගාවලියට සමගාමීව ඉහත සඳහන් පාසල්වල සහෝදර පාසල්වන මහනුවර යහපත් එfඬ්රාගේ කන්‍යාරාමය, කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය, බම්බලපිටිය ශුද්ධ පවුලේ කන්‍යාරාමය සහ කොටහේන යහපත් එඬ්රාගේ කන්‍යාරාමය අතර ආරාධිත සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගන්නා කණ්ඩායම සඳහා රංජිත් සමරසේකර අනුස්මරණ කුසලාන පිරිනැමීමට නියමිත අතර ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා ප්‍රේමනාත් මොරායස් අනුස්මරණ කුසලානද, පැසිපන්දු ශූරතාව සඳහා අති පූජ්‍ය ජේ.ඊ. වික්‍රමසිංහ කුසලානද පිරිනැමෙනු ඇත.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ප්‍රීමා කොත්තු මී කටයුතු කරන අතර වටවල තේ සහ ජී.එස්. හෙල්ත් සම අනුග්‍රාහකයන් ලෙස මෙවර තරගාවලියට එක්ව සිටියි. තරගාවලියේ ප්‍රධාන අරාධිතයා ලෙස ආදි අන්තෝනියානු ක්‍රිකට් හවුලේ සභාපතිවරයා වන ඇන්ජලෝ වික්‍රමසූරිය මහතා සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.