Last Update  :  2025-03-31 15:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සැහැල්ලු පන්දු ක්‍රිකට් නිලවරණයේ අවුල ළිහන්න කමිටුවක්

සැහැල්ලු පන්දු ක්‍රිකට් නිලවරණයේ අවුල ළිහන්න කමිටුවක්

editorial - 2025 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු සම්මේලනයේ පෙබරවාරි 7 වැනිදා පැවැත්වූ බව ප්‍රකාශවී තිබෙන නිලවරණය (2025 - 27) සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවී තිබෙන ආරවුල විසදීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ නියමයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ එන්. විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව පෙරේදා (25) රැස්වී ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයෙන් කරුණු සටහන් කර ගෙන තිබේ.

සැහැල්ලු පන්දු සම්මේලනයේ කැඳවූ අදාළ නිලවරණය ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝනය කරමින් හා එහි සාමාජිකත්වය දැනුවත් නොකරමින් පැවැත්වූ බවට චෝදනා කරමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ කටයුතු කරමින් සිටි (2023 -25) විධායක සභාවේ සාමාජිකයන් 17 දෙනෙකු විසින් ඉහත පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ පැවැති එම නිලවරණයේ ප්‍රතිඵලය අවලංගු කර නැවැත විධිමත්ව එය කැදවීමට මැදිහත් වන ලෙසයි.

ඊයේ කමිටුව හමුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සම්මේලනයේ ලේකම් ධූරය දරමින් සිටි කුමාර කුමාරනායක, එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති දයා හේමන්ත සිල්වා, භාණ්ඩාගාරික ධූරය දරමින් සිටි එම්.එච්.එම්. නවාබ් හා ධම්මික සොලමන් යන මහත්වරුන් කරුණු දක්වා තිබේ.

එදින පැවැති නිලවරණයේදී වාර්තාවූ බව කියන මෙම සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වගඋත්තර පාර්ශ්වය වෙනුවෙන් සභාපති තිසර ගුණසිංහ මහතාට  බ්‍රහස්පතින්දා (27) කමිටුව හමුවේ කරුණු දක්වන ලෙස විමර්ෂණ කමිටුව දැනුම්දී තිබේ.

දෙපාර්ශ්වයෙන්ම කරුණු සටහන් කර ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කමිටුව විසින් සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලබාදීමට නියමිතය.

 


අදහස් (0)

සැහැල්ලු පන්දු ක්‍රිකට් නිලවරණයේ අවුල ළිහන්න කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.