Last Update  :  2025-03-31 15:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සැහැල්ලු පන්දු සම්මේලන නිලවරණයේ විමර්ෂන කඩිනම් කරයි

සැහැල්ලු පන්දු සම්මේලන නිලවරණයේ විමර්ෂන කඩිනම් කරයි

editorial - 2025 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු සම්මේලනයේ පෙබරවාරී 7 වැනිදා කොළඹදී පැවැත්වූ බව කියන 2025 - 27 නිලවරණය සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි කඩිනමින් විභාග කර අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මාතර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය ඒ සම්බන්ධයෙන් කර තිබෙන පැමිණිල්ලක් ලබන අඟහරුවාදා (25) විභාග කිරීමට දැන් තීරණය කර තිබේ. කලින් එය යොදා ගෙන තිබුණේ ලබන බ්‍රහස්පතින්දා (27)දිනයේදීය.

ලබන අඟහරුවාදා පෙරවරු 10 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ පෙනී සිටින ලෙස පැමිණිලි පාර්ශ්වයට හා වග උත්තරකාර පාර්ශ්වයන්ට ක්‍රීඩා අමාත්‍යාංශය එහිදී දැනුම්දී තිබේ.එහිදී 2022 -24 නිල කාලයේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ කටයුතු කළ විධායක සභාවේ සභිකයන් 17 දෙනකු ඒ සම්බන්ධයෙන් කර තිබෙන පැමිණිල්ලද සලකා බැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එහි නියෝජිතයන් පිරිසකටද විමර්ශනය සදහා පෙනී සිටීමේ අවසරය ලබාදීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.

පෙබරවාරි 7 වැනිදා පැවැති නිලවරණයේදී නැවැත සභාපති ධූරයට තේරී පත්වූ බව ප්‍රකාශවී තිබෙන තිසර ගුණසිංහ මහතා ඇතුළුව එදින පත්වූ බව සදහන් වන ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නව විධායක සභාවට එරෙහිව ඉහත පැමිණිලි ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත්වී තිබේ.

ඒ අනුව ඒ මහතාට එදින පැවැත්වූ බව කියන එම නිලවරණයට අදාළ සියලු ලිපි ලේඛන සමග විමර්ශනය  හමුවේ  පෙනී සිටින ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී ඇත.

මේ අතර 2022 -24 නිල කාලය තුළ සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ එම්.එච්. එම්. නවාබ් මහතා ඊයේ (21) ක්‍රීඩා අමඅමාත්‍යාංශයේ ලේකම්වරයාට කර තිබෙන ලිඛිත පැමිණිල්ලක දැක්වෙන්නේ සම්මේලනයේ නිත්‍ය ගිණුමේ මෙතෙක් බැර කර තිබූ බව කියන රුපියල් ලක්ෂ 22 ක පමණ වන මුදලෙන් කොටසක් ඉවත් කර ගෙන තිබෙන බවයි.

තමා තවමත් සම්මේලනයේ භාණ්ඩාගාරික ධූරයෙන් ඉවත්ව නැති බැවින් තමන්ගේ අනුදැනුමෙන් තොරව සම්මේලනයේ ගිණුමෙන් එකී මුදල් ඉවත් කර ගැනීම ගැන විමර්ශනයක් සිදු කරන ලෙස එමගින් ඔහු ඉල්ලා තිබේ.

සම්මේලනයේ නිත්‍යනුකූලව ඉදිරියේදී පත්වන නිලධාරී මණ්ඩලයකට දැනට තමා සතුව තිබෙන භාංඩාගාරික ධූරයට අදාළව සියලු ලිපි ලේඛන හා භාංඩ භාරදීමට සූදානම්ව සිටින බවත් ඔහු එහිදී ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.

 


අදහස් (0)

සැහැල්ලු පන්දු සම්මේලන නිලවරණයේ විමර්ෂන කඩිනම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.