Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිංගප්පූරුවේදී රන් පදක්කම් දිනා එති

සිංගප්පූරුවේදී රන් පදක්කම් දිනා එති

editorial - 2022 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඉරිදා (27 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

මෙම බර ඉසිලීමේ තරගාවලිය පෙබරවාරි මස 25 දින සිට 27 දින දක්වා සිංගප්පූරුවේ පැවත්විණ. පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය සදහා වූ අවසන් තේරීමේ තරගාවලියක් ලෙසද පවත්වා තිබුණි .

සිංගප්පූර් තරගාවලියේදී ඉන්දික දිසානායක , ශ්‍රීමාලී සමරකෝන් , උෂාන් චාරුක සහ චතුරංග ලක්මාල් රන් පදක්කම් දිනා ගත්හ.  එමෙන්ම මෙම තරගාවලියේ දී  උෂාන් චාරුක සහ ශානක පීටර්සන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් තැබීමට ද සමත් වූහ. 

ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ නිලධාරීන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ ආලින්දය වෙත පැමිණ සිටියහ .            

 


අදහස් (0)

සිංගප්පූරුවේදී රන් පදක්කම් දිනා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.