Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ක‍්‍රිස් සිල්වර්වුඞ් මහතාටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මෙල්බර්න් හි හුදෙකලාව සිටියදී කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂයකදී ඒබ ව තහවුරු වී ඇතැයි එංගලන්ත ක‍්‍රිකට් මණ්ඩලය අද (2 වැනිදා) ප‍්‍රකාශ කළේය.
පවුලේ සාමාජිකයෙකුට වයිරසය අසාදනවීම නිසා පසුගිය බ‍්‍රහස්පතින්දා සිට හුදකලා වීමට ලක්වූ සිල්වර්වුඞ් මහතාට කලින්ම සිව්වැනි අළු බඳුන ටෙස්ට් තරගය අහිමිව තිබුණි. මම තරගය ලබන බදාදා (5 වැනිදා) සිඩ්නි නුවරදී ආරම්භ වීමට නියමිතය.
සිල්වර්වුඩ් මහතා නොමැතිවිම හේතුවෙන් සහය පුහුණුකරු ග‍්‍රැහැම් තෝප් මහතා එංගලන්ත කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කරයි. මේ වන විට පැවැත්වෙන තරග 5 කින් සමන්විත අළුබඳුන තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටීමට ඕස්ටේ‍්‍රලියාව සමත්වී ඇත.
”එංගලන්ත ප‍්‍රධාන පුහුණුකරු ක‍්‍රිස් සිල්වර්වුඩ්ට කොරෝනා වයිරසය වැළඳිලා තියෙනවා” යැයි එංගලන්ත ක‍්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
”සිල්වර්වුඩ්ට ජනවාරි 8 දක්වා හුදකලාව සිටිනවා. ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති අතර සම්පූර්ණයෙන්ම ඔහු එන්නත් කරලා තියෙනවා’’ යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.