Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් තරග හෙට සිට

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් තරග හෙට සිට

editorial - 2023 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලිය හෙට (24) වැනිදා ආරම්භ වේ. දින දෙකක් පුරා නයිවල නිව් සනිරෝ එයාර්පෝර්ට්ස් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මෙම ශූරතාවලියට දිවයින පුරා අවුරුදු 35 න් ඉහළ පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වෙති. 

මෙම තරගාවලියේදී කාන්තා සහ පිරිමි කේවල, යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්වෙන අතර ජයග්‍රාහකයන්ට පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාගද පිරිනැමීමට නියමිතය. 

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සම්බන්ධතාව, දිරිගැන්වීම හා බැඩ්මින්ටන් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව විශාල වශයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතවන්නන්ට උපකාර කිරීම එම සංගමයේ අරමුණ වී තිබේ.  

-036 


අදහස් (0)

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.