Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිීනිගම - ගුවන් හමුදා කාන්තාවෝ ජය ලබති

සිීනිගම - ගුවන් හමුදා කාන්තාවෝ ජය ලබති

editorial - 2022 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රිකට් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (5 වැනිදා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට සීනිගම සහ ගුවන් හමුදා කණ්ඩායම් සමත්විය. 

කෝල්ට්ස් සහ සීනිගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු 183 ක ජයක් හිමිකර ගැනීමට සීනිගම කණ්ඩායම සමත්විය. නාවික හමුදාව සහ ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ පිලට හැකිවිය.

යුදහමුදා ‘බී’ සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර හෝමාගම යුදහමුදා ක්‍රීඩාංගණයේදී තවත් තරගයක් පැවැති අතර වර්ෂාව හේතුවෙන් එම තරගය අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවූහ.

හලාවත මේරියන්ස් පිලේ විෂ්මි ගුණරත්න පන්දු 149 කදී හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමගින් නොදැවී ලකුණු 138 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර එම ක්‍රීඩා සමාජයේම සඳලි වීරසිංහ සහ සීනිගම ක්‍රීඩා සමාජයේ කවීෂා දිල්හාරී අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ. 

කෝල්ට්ස් පිලේ ශිකාරී ද සිල්වා (24/4), සීනිගම පිලේ කවීෂා දිල්හාරී (13/4) සහ සචිනි නිසංසලා (18/4), ගුවන් හමුදා ‘ඒ’ පිලේ ඕෂධී රණසිංහ (09/4) කඩුලු 4 බැගින් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සිීනිගම පිලට ලකුණු 183 ක ජයක්
කෝල්ට්ස් සහ සීනිගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
සීනිගම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 231
(කවීෂා දිල්හාරී 68, සචිනි නිසංසලා 27, කාව්‍යා කාවින්දි 25, නවෝද්‍යා නෙත්මිණි 21, ශිකාරී ද සිල්වා 24/4, ඒ.ජනකාන්තිමාලා 38/2)

කෝල්ට්ස් - ඕවර 20.4 කදී සියලුදෙනා දැවී 48
(කවීෂා දිල්හාරී 13/4, සචිනි නිසංසලා 18/4, විහාරා සෙව්වන්දි 08/2)

-----------------------------------------------------------------------------------

ගුවන් හමුදා ‘ඒ’ පිලට ලකුණු 12 ක ජයක් 
නාවික හමුදාව සහ ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා ‘ඒ’ - ඕවර 37.3 කදී සියලුදෙනා දැවී 102
(මල්ෂා ශෙහානී 45, ඉනෝෂී ප්‍රනාන්දු 21, තාරිකා සෙව්වන්දි 25/4, දේෂිකා ප්‍රබෝදනී 16/2, ඉනෝකා රණවීර 22/2)

නාවික හමුදාව - ඕවර 38.1 කදී කඩුලු 9 ක් දැවී 85
(හසිත සමරවික්‍රම 26, ඕෂධී රණසිංහ 09/4, ඉනෝෂී ප්‍රනාන්දු 12/2)

-----------------------------------------------------------------------------------

ජය පරාජයෙන් තොරයි
යුදහමුදා ‘බී’ සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර හෝමාගම යුදහමුදා ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 234
(විෂ්මි ගුණරත්න නොදැවී 138, සඳලි වීරසිංහ නොදැවී 59)


අදහස් (0)

සිීනිගම - ගුවන් හමුදා කාන්තාවෝ ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.