Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරග දෙකකින්ම සියුම් පරාජයන් දෙකක් උරුම කරගත් සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සිය ජයමාවත හෙළි පෙහෙළි කරගැනීමේ අරමුණ ඇතිව හෙට (17) පස්වරු 3.50ට තුරඟ තරග පිටියේදී ප්‍රබල සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය තුන්වැනි තරගයට පිවිසෙයි.
පසුගිය සති අන්තයේ දී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමග පැවැති තරගයේ පළමු භාගයේදී ලකුණු 15-10 කින් පෙරමුණ ගනිමින් ප්‍රතිවාදී කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් දෙමින් ජයග්‍රහණයට කදිම ප්‍රවේශයක් ලබාගෙන සිටියත් දෙවැනි භාගයේදී යුද හමුදා පිලේ ක්‍රීඩකයන් දැක්වූ ආක්‍රමණශීලී තරග රටාව හේතුවෙන් අනපේක්ෂිත පරාජයකයට හිමිකම් කීමට සිදුවිය.
එසේ වුවත් පසුගිය සතියේ ශ්‍රී ලංකා නාවික හමුදා පිලට එරෙහිව පැවැති තරගයේ පළමුභාගය නිමාවෙද්දී ලකුණු 23-7කින් පසුපසින් සිටියත් දෙවැනි භාගයේදී නැවත නැගී සිටි සී.ආර්.පිල විශිෂ්ට ජයග්‍රහණයකට හිමිකම් කී නිසා හෙට තරගයට ඔවුන් එක්වන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුවය.
තරග දෙකක් නිමාවනවිට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැනට පත්වී සිටින සී.ආර්.පිල තරගයට එක්වන්නේ ඔවුන්ගේ නිත්‍ය නායක කවිඳු පෙරේරා නොමැතිවය. ඔහු මේ තරගාවලියේ පළමු සතියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල සමග රත්මලානේ පැවැති තරගය අතරතුර නීතිවිරෝධී ක්‍රීඩාවක නිරතවීම නිසා තරග 3ක තහනමකට ලක්වී සිටී. මේ නිසා සී.ආර්.පිල මෙහෙයවීමේ වගකීම කරපින්නා ගත් යොවුන් ක්‍රීඩක තරින්ද රත්වත්ත පසුගිය සතියේ නැවියන් පරාජය කිරීමට පෙරමුණ ගෙන ක්‍රීඩා කළේය.
ජයග්‍රහණ පිපාසයෙන් පසුගිය තරගවාරයේ සිටම පීඩා විඳින සී.එච්. පිල මෙවර තරගාවලියට එක්වී සිටින්නේ සෙසු කණ්ඩායම්වල සිටි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් උදුරාගෙනය. ඔවුන්ගේ කණ්ඩායම තවදුරටත් දුර්වල කණ්ඩායමක් නොවන බව සහතිකවම දන්නා සි.ආර්.පිල හෙට තරගයේදී ඔවුන්ගේ උපරිම දස්කම් දක්වමින් අපරාජිතබව තවදුරටත් රැක ගැනීමට සියලු තුරුම්පු ගසනු නිසැකය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.