Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දරුණු පසුබෑමකට ලක්වූවත් දෙවැනි වටයේදී නැවත ජය මාවතට පිවිසී සිටින සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ඊයේ ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 27-17 ක ජයක් අත්කර ගත්තේය.
තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-10 කින් පෙරමුණ ගත් සී.ආර්.පිල දෙවැනි භාගයේදිත් පෙරමුණ රැක ගනිමින් සිය 7 වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
තරගයේ පළමු මිනිත්තුවේදී ගයන්ත ඉද්දමල්ගොඩ දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 3 කින් ගුවන් හමුදා පිල ඉදිරියට ගෙන ගියත් ඊට මොහොතකට පසුව හිරන්ත මනමේන්ද්‍ර තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තරින්ද රත්වත්ත සී.ආර්.පිල ලකුණු 7-3 කින් ඉදිරියට ගෙන ගියේය.
අනතුරුව රීසා රෆායිඩීන් සහ නායක කවිඳු පෙරේරා තැබූ විශිෂ්ට උත්සාහක දිනුම් දෙකකින් සී.ආර්.පිල ලකුණු 19 කින් ඉදිරියට යද්දී පළමු භාගය නිමාවීමට පෙර සුරිය ක්‍රිෂාන් තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 10 බවට පත් කළේය.
දෙවැනි භාගයේ ආරම්භයේදී අගනා උත්සාහක දිනුමක් තැබූ තරින්ද රත්වත්ත සී.ආර්.පිල ලකුණු 24-10 කින් ඉදිරියට ගෙනගියේය.
එහෙක් නීති විරෝධී ක්‍රීඩා රටාවක නියැලීමෙන් නායක කවිඳු පෙරේරාට කහ කාඞ් පතේ දඬුවමට යටත්ව පිටියෙන් ඉවත්වීමට සිදුවෙද්දී ගුවන් හමුදා පිලට පැනල්ටි ට්‍රයි අවස්ථාවක් ලැබිණි. ඒ සමගම ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියේය.
ගුවන් හමුදා පිලෙන් දිගින් දිගටම එල්ල වූ පීඩනය දුරු කරගැනීමට සී.ආර්.පිල සමත්වූයේ තරින්ද රත්වත්ත විසින් සාර්ථක කරගත් ඩ්‍රොප් ගෝලයක් නිසාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.