Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.එච්. දෙවැනි ජය ලබයි

සී.එච්. දෙවැනි ජය ලබයි

Nisanka Sandeepani - 2017 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදා කණ්ඩායමේ බලකොටුව වන රත්මලාන කඳවුරු භූමියේ දී සත්කාරකයන් සමග කරට කර සටනක නිරතවූ සී.එච්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් ලකුණු 43-31 කින් ප්‍රතිවාදීන් පරාජය කිරීමට සමත්විය. 

තරගයේ 30 වැනි මිනිත්තුව වෙද්දී පිට පිට දඬුවම් පහර 2ක් සාර්ථක කරගත් චරිත් සෙනෙවිරත්න අනගි උත්සාහක දිනුමක් තබමින් සී.එච්.පිල අබිබවා ලකුණු 11-0 කින් ගුවන් හමුදා පිලට පෙරමුණ ලබාදීමට සමත්වූවත් පෙරළිකාර ක්‍රීඩා විලාශයක් පෙන්වූ සී.එච්.පිලේ අවිශ්ක ලී සහ යෝෂිත රාජපක්ෂ තැබූ උත්සාහක දිනුම් 2ක් ගෝල බවට ප්‍රවර්ථනය කළ සැමුවෙල් මධුවන්ත සිය කණ්ඩායම ලකුණු 14-11කින් පෙරමුණට ගෙන ආහ. 

අනතුරුව චරිත් සෙනෙවිරත්න තවත් දඬුවම් පහරක් සාර්ථක කිරීමට සමත්වූවත් සජිත් සාරංග තැබූ උත්සාහක දිනුමකින් සී.එච්.පිල පළමු භාගයේ පෙරමුණ ගත්තේ ලකුණු 19-14 කිනි.

දෙවැනි භාගයේදී දෙපිලම කරට කර සටනක නිරතවූ අතර සැමුවෙල් මධුවන්ත සාර්ථක කළ දඬුවම් පහරකින් ලකුණු 22-14 කින් ඉදිරියට ගිය සී.එච්.පිලට අභියෝග කළ ගුවන් හමුදා පිල ගයන්ත ඉද්දමල්ගොඩගේ උත්සාහක දිනුමක් චරිත් සෙනෙවිරත්න විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ දමාගත්තේය.

එහෙත් ඊට මොහොතකට පසුව සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට යෝෂිත රාජපක්ෂ සමත්වූ අතර සැමුවෙල් මධුවන්ත විසින් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීමෙන් ලකුණු 29-21 කින් ඉදිරියට යාමට සී.එච්.පිලට හැකිවිය. 

අනතුරුව චරිත් සෙනෙවිරත්නගේ දඬුවම් පහරක් මගින් ගුවන් හමුදා පිලේ ලකුණු  සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගියේය. ඊට මොහොතකට පසුව හෂාන් මධුරංග තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ සැමුවෙල් මධුවන්ත සී.එච්.පිල ලකුණු 36-24 කින් ඉදිරියට ගෙන යාමට සමත්විය. 

සී.එච්.පිලට දැඩි අභියෝගයක් එල්ල කරමින් පසුපසින් ජයග්‍රහණය හඹා ගිය ගුවන් හමුදා පිල පබසර හේවගේ තැබූ උත්සාහක දිනුමක් චරිත් සෙනෙවිරත්න ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 31 දක්වා ඉහළ දමාගැනීමට සමත්වූවත් සිය සටන්කාමීත්වය ඉහළින්ම රඳවා තබාගත් සී.එච්.පිල අවන්ත ලී තැබූ උත්සාහක දිනුමක් සැමුවෙල් මධුවන්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීමෙන් ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

 


අදහස් (0)

සී.එච්. දෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.