Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හේෂාන් මධුරංග අවසන් මිනිත්තුවේ තැබූ විශිෂ්ට උත්සාහක දිනුම නිසා අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අවසන් තරගයෙන් සත්කාරක සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. පිල ලකුණු 25-24 කින් පරාජය කළ සටන්කාමී සී.එච්.ඇන්ඞ් එෆ්.සී.පිල තරගාවලියේ තුන්වැනි ස්ථානය අත්පත් කරගත්තේය.
මෙවර තරගාවලිය පුරා පෙරළිකාර කණ්ඩායම බවට පත්වී සිටි රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු සී.එච්. පිල සී.ආර්.පිටියේදී ලැබූ තියුණු ජයග්‍රහණයත් සමග අන්තර් සමාජ පළමුපෙළ ලීග් තරග ඉතිහාසයේ දීර්ඝ කාලයකට පසුව තුන්වැනි ස්ථානයට පත්වීම කැපී පෙනුණි.
අවසන් තරග කිහිපය එළැඹෙද්දී අනුශූරතාව හඹා යන කණ්ඩායමක් බවට පත්ව සිටි සී.එච්.පිල ඊයේ තරගයේදී මෙල්ල කරමින් තරගය ආරම්භවී මිනිත්තු 5 කින් සංචාරකයෝ අන්ද මන්ද කළේ නායක කවිඳු පෙරේරා තැබූ අනගි උත්සාහක දිනුමකිනි. එය තරින්ද රත්වත්ත විසින් ගෝලයකට බවට ප්‍රවර්තනය කරනු ලැබීමත් සමග ලකුණු 7-0 කින් පෙරමුණ ගැනීමට සී.ආර්.පිල සමත්විය.
ඊට මිනිත්තු තුනකට පසුව දඬුවම් පහරක් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත සී.එච්.පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර තරගයේ පෙරමුණ ගත්තේ 10 වැනි මිනිත්තුවේදී සුදර්ශන මුතුතන්ත්‍රී තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකිනි. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට සැමුවෙල් මධුවන්ත අසමත්වූවත් ලකුණු 8-7කින් පෙරමුණ ගැනීමට සී.එච්.පිලට හැකිවිය.
17 වැනි මිනිත්තුවේදී සී.එච්.පිල අබිබවා ගිය සත්කාරකයෝ ලකුණු 14-8කින් පෙරමුණ ගත්තේ ඕමල්ක ගුණරත්න තැබූ අනගි උත්සාහක දිනුමකිනි. ඊට මිනිත්තු 3කට පසුව යෝෂිත රාජපක්ෂ ලබා දුන් පන්දුව සුරැකිව ඩැහැගත් සැමුවෙල් මධුවන්ත ප්‍රතිවාදී සීමා ඉර පසුවනතුරු ආපසු හැරී බැලුවේ නැත. සිය උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් පසුව ලකුණු 15-14 කින් පෙරමුණ ගැනීමට සී.එච්.පිල සමත්විය.
එසේවුවත් පළමුභාගය නිමාවන අවසන් මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් තරින්ද රත්වත්ත සී.ආර්.පිල ලකුණු 17-15 කින් ඉහළට ඔසවා තැබුවේය.
කරට කර සටනකට දෙපිලේහිම ක්‍රීඩකයන් ඇද දැමු තරගයේ දෙවැනි භාගය නරඹන්නන්ගේ දැඩි කුතුහලයට කාරණාවක් විය. තරගයේ උණුසුම වේගයෙන් ඉහළ යද්දී 53 වැනි මිනිත්තුවේදී චතුර ඩිල්ෂාන් තැබූ කලෙකට අමතක නොවන උත්සාහක දිනුමකින් ලකුණු 20-17 කින් පෙරමුණ ගැනීමට සී.එච්.පිල සමත්විය.
76 වැනි මිනිත්තුවේදී චරන චාමික තැබූ උත්සාහක දිනුම තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු 24-20කින් පෙරමුණ ගත් සී.ආර්.පිල ජයග්‍රහණයට කිට්ටු කළේය. ඔවුන්ගේ ඉරණම තීන්දු කරනු ලැබුවේ අවසන් මොහොතේ තීරණාත්මක උත්සාහක දිනුම තැබූ සී. එච්. පිලේ හේෂාන් මධුරංග විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.