Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.ඩී.බී. ෆිනෑන්ස් පිල කඩුලු 5 ක ජයක් ලබයි

සී.ඩී.බී. ෆිනෑන්ස් පිල කඩුලු 5 ක ජයක් ලබයි

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන එම්.සී.ඒ. සුපර් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (2 වැනිදා) පැවැති තරගයකදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය සී.ඩී.බී. ෆිනෑන්ස් ක්‍රීඩකයෝ ඕවර 19.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 39 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළ ධනුෂ්ක ධර්මසිරි සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 33 ක් රැස්කරමින් සී.ඩී.බී. ෆිනෑන්ස් ජයග්‍රහණය ඉක්මන් කළ ඇන්ජලෝ පෙරේරා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන පන්දු 25 කින් ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 40 කට සීමා කෙරුණ අතර කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම එහිදී කඩුලු 9 ක් දැවී ලකුණු 142 ක් ලබාගත්තේය.

එච්.එන්.බී. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චාමර සිල්වා පන්දු 53 කදී හතරේ පහරක් සමග ලකුණු 34 ක් රැස්කළේය. එහිදී ළහිරු මධුෂංක ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත් අතර තරිඳු රත්නායක, රොෂාන් සංජය සහ ඇන්ජලෝ පෙරේරා කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.


එච්.එන්.බී. පිල - ඕවර 40 කදී කඩුලු 9 කට 142
(චාමර සිල්වා 34, ළහිරු මධුෂංක 25/3, තරිඳු රත්නායක 20/2, රොෂාන් සංජය 30/2, ඇන්ජලෝ පෙරේරා 32/2)

සී.ඩී.බී. ෆිනෑන්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 5 කට 145
(සිතාර ගිම්හාන 39, ධනුෂ්ක ධර්මසිරි නොදැවී 44, ඇන්ජලෝ පෙරේරා 33, දිල්ෂාන් මුණවීර 30/2)

 


අදහස් (0)

සී.ඩී.බී. ෆිනෑන්ස් පිල කඩුලු 5 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.