Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සීආර්. නායකත්වය තාවකාලිකව තරින්දට

සීආර්. නායකත්වය තාවකාලිකව තරින්දට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග තහනමකට ලක්වීම නිසා කවිඳු පෙරේරාට අහිමිවී ගිය සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ නායකත්වය කර පින්නාගත් ජාතික සත් සාමාජික රග්බි පිලේ ප්‍රබල ක්‍රීඩක තරින්ද රත්වත්ත අද (11) පස්වරු 3.45ට ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි පිල සමග සී.ආර්. පිටියේ දී අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය දෙවැනි තරගයට මුහුණ දෙයි. 

 
පසුගිය සති අන්තයේ ආරම්භ වූ මේ තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 21-9ක ජයක් ලබා අපරාජිතව සිටින සී.ආර්.පිල ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවෙයි. එම ලකුණු සටහනේ සිවුවැනි තැන රැඳී සිටින නැවියෝ අද තරග බිමට සේන්දු වන්නේ සත්කාරකයන්ගේ බලකොටුවට පැන ජයග්‍රහණය උදුරා ගැනීමේ අභිලාෂයෙනි. 
 
පසුගිය වසරේ සිය කණ්ඩායම නියෝජනය කළ බොහෝ ක්‍රීඩකයන් කණ්ඩායම හැර ගියත් ඉතිරි කරගත් ප්‍රබල ක්‍රීඩකයන් අතරට පොලිස් කණ්ඩායමෙන් මොහොමඞ් අබ්සාල් සහ මූෂින් ෆලීල් එක්වීම නිසා ඔවුන් පසුවන්නේ දැඩි ජවයකිනි. දෙවැනි සති අන්තයේ නිමාවේදී ප්‍රසාද ලකුණු සටහනේ පළඹු තුන්දෙනා අතර රැඳී සිටීමේ නොතිත් ආශාවෙන් පසුවන සී.ආර්. සහ නාවික හමුදා පිල අතර තරගය අද රග්බි පිටියේ කවුරුත් කතා කරන තරගයක් වනු ඇත.
 
පළමු සති අන්තයේ තරග නිමාවෙන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය අද යළි කොළඹට පැමිණෙන්නේ පොලිස් ක්‍රීඩා සමාජය සමග සිය දෙවැනි තරගයට එක්වීම සඳහාය. පසුගිය සතියේදී සී.එච්. ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23-6ක ජයක් ලැබූ මහනුවර පිල අද තරගයට එක්වන්නේ පොලිස් පිල තලා පෙලා දමා උත්සාහක දිනුම් ගොන්නකින් මල්ල තරකර ගැනීමටය.
 
 සී.එච්. පිලේ ක්‍රීඩකයන් නොසිතූ ලෙස ආක්‍රමණශීලී වීම නිසා පසුගිය තරගයේදී මහනුවර පිලට උත්සාහක දිනුම් දෙකකට වඩා තැබිය නොහැකිවීමේ ප්‍රතිඵලය වූයේ පොලිස් පිල පසුගිය සතියේ පරාජය කරමින් උත්සාහක දිනුම් 4ක් තබා ප්‍රසාද ලකුණක් ද ලබා පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත්වීමය. මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට බලාපොරොත්තු වූ මහනුවර පිලට දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවී තිබිණි. 
 
 
- 077

අදහස් (0)

සීආර්. නායකත්වය තාවකාලිකව තරින්දට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.