Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සීගිරිය රැළි ක්‍රොස් තරග කල්යයි

සීගිරිය රැළි ක්‍රොස් තරග කල්යයි

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී ඊයේ (17 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය දින නියමයක් නැතිව කල්දැමීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.

මේ සතිය තුළදී පැවැත්වීමට නියමිත රණවිරු සැමරුම් උළෙල නිසා ‘සීගිරිය රැළි ක්‍රොස්’ තරගාවලිය කල්දැමීමට තීරණය කළ බව සංවිධාය මණ්ඩලයේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.

‘සීගිරිය රැළි ක්‍රොස්’ තරගාවලිය පැවැත්වීම සඳහා තවමත් ස්ථිර දිනයක් යොදාගෙන නොමැති බවත්, ඉදිරියේදී ගුවන් හමුදාව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීමෙන් අනතුරුව තරගාවලිය සඳහා වෙනත් දිනයක් යොදාගන්නා බවත් ඔහු කියා සිටියේය.

ඉකුත් වසරේ පැවැති සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සහ අශාන් සිල්වා ද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් ද සම්මාන දිනාගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.


අදහස් (0)

සීගිරිය රැළි ක්‍රොස් තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.