Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (19 වැනිදා) දිවා-රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය හෙට පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් ලීග් ක්‍රමයට අනුව පැවැති මෙම තරගාවලියේ මූලික වටයේදී ජයග්‍රහණ 6 ක් අත්කර ගනිමින් මහනුවර කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. යාපනය කණ්ඩායම අවසන් තරගයට පිවිසියේ මූලික වටයේදී ජයග්‍රහණ 5 කට හිමිකම් කියමිනි.
තරගාවලිය තුළදී මෙම කණ්ඩායම් දෙක දෙවරක් එකිනෙකාට එරෙහිව තරග වැදුණ අතර එම තරග දෙකේදීම යාපනය කණ්ඩායම පරාජය කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.
අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස්ද, යාපනය කණ්ඩායමේ නායකයා ලෙස සධීර සමරවික්‍රමද කටයුතු කිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.