Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය ශාන්ත ජෝන් විදුහල සහ යාපනය මැදි විදුහල අතර පැවැත්වෙන උතුරු සටන වාර්ෂික මහ ක්රිකට් තරගයට සමගාමීව 18 වැනි වරටත් පැවැති සීමිත ඕවර තරගය ලකුණු 33 කින් ජයගැනීමට ශාන්ත ජෝන් විදුහල් ක්රීඩකයෝ අද (14 වැනිදා) සමත් වූහ.
ශාන්ත ජෝන් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්රහණය සඳහා ලකුණු 95 ක ඉලක්කයක් හඹාගිය යාපනය මැදි විදුහලට ඕවර 25.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 61 ක් පමණි.
ඒ. අභිෂේක් ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගනිමින් යාපනය මැදි විදුහල් ඉනිම අඩපණ කළේය. ශාන්ත ජෝන් විදුහලේ ජයග්රහණය ඉක්මන් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් වයි. විදුෂාන් සහ ටී. දිනෝෂාන් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝන් විදුහල ඕවර 36.3 කදී සියලු දෙනා දැවී ලකුණු 94 ක් ලබාගත් අතර එහිදී ඒ. නිදුෂාන් සහ කේ. ඉළයරාතන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
ශාන්ත ජෝන් විදුහල - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 94
(ඒ. නිදුෂාන් 08/3, කේ. ඉළයරාතන් 27/3)
යාපනය මැදි විදුහල - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 61
(ආර්. රාජ්ක්ලින්ටන් 24, ඒ. අභිෂේක් 20/5, වයි. විදුෂාන් 12/2, ටී. දිනෝෂාන් 16/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.