Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සීමිත ඕවර තරගාවලි දෙකම කල්යයි

සීමිත ඕවර තරගාවලි දෙකම කල්යයි

රොෂාන් ගුණරත්න - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------
රොෂාන් ගුණරත්න
-----------------------

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් පවත්වමින් තිබූ 28 වැනි ප්‍රීමියර් ලීග් සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලිය සහ ආරම්භ කිරීමට නියමිතව තිබූ වෙළෙඳ සේවා විස්සයි20 තරගාවලිය දින නියමක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත.

මේ මස 20 වැනිදා ආරම්භ වූ ඕවර 50 තරගාවලිය මැයි මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊයේ (27 වැනිදා) පැවැති තරග වලින් අනතුරුව තරගාවලිය කල්දැමීමට වෙළඳසේවා ක්‍රිකට් සංගමය තීරණය කර ඇත. මූලික වටයේ තවත් තරග 4 ක් සහ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමගින් මේ වසර දක්වා කල් දැමුණු අතර එයද අතර මග නතර කිරීමට සිදුවිය.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් වෙළඳසේවා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් කණ්ඩායම් කිහිපයක් ඉවත්ව ගියේය. මාස් යුනිචෙලා, සම්පත් බැංකුව, ඩීමෝ, එල්.බී. ෆිනෑන්ස් යන කණ්ඩායම් කොරෝනා ව්‍යසනය හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද කණ්ඩායමක් මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියද පසුව ඔවුන් එම අදහස වෙනස් කරගෙන තිබුණි.

මෙම කරුණු හේතුවෙන් මෙවර තරගාවලිය කණ්ඩායම් 4 කට පමණක් සීමාවිය.

 


අදහස් (0)

සීමිත ඕවර තරගාවලි දෙකම කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.