Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සුගතදාස ජාතික ක්රීඩා සංකීර්ණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලාල් චන්ද්රසිරි මහතා ඊයේ (15) වැඩ බාර ගත්තේය. ඔහු දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩා සංකීර්ණයේ බාරකරු ලෙස කටයුතු කරමින් සිටින අතර මෙම තනතුරට පත්ව සිටියි.
පසුගිය අගෝස්තු මාසයේ සිට මෙම ධුරයේ කටයුතු කළ සිලෝන් (මංචි) බිස්කට් සමාගමේ සභාපති රසිත් වික්රමසිංහ මහතා නොබෝදා සුගතදාස ක්රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ලාල් චන්ද්රසිරි මහතාගේ පත්කිරීම සිදුකර ඇත.
සුගතදාස ක්රීඩා සංකීර්ණ අධිකාරිය, සුගතදාස එළිමහන් පිටිය, ගෘහස්ථ පිටිය, හෝටලය, පිහිනුම් තටාකය, ආර්. ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය, බෝගම්බර ක්රීඩා සමාජය හා බෙලිඅත්ත පිහිනුම් තටාංගණයෙන් සමන්විතය. එම අධිකාරිය 1995 පෙබරවාරි 1 වැනිදා සිට ක්රීඩා අමාත්යාංශය බාරයට පවරා තිබේ.
මේ අතර රුපියල් 25000 ක පාරිතෝෂික දීමනාවක් ඉල්ලා සුගතදාස ක්රීඩා සංකීර්ණ අධිකාරියේ සේවකයන් ආරම්භ කර තිබෙන විරෝධතා ව්යාපාරය මෙතෙක් අවසන්වී නොමැත.
එහි පොදු සේවක සංගමයේ ලේකම් එම්.ජී. කරුණාතිලක මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ සිය අධිකාරිය ලාබ ලබන ආයතනයක් ලෙස එහි මුල්ය අංශයේ වාර්තා මගින් පෙන්වා තිබෙන බවයි.
ඔහු පැවසුවේ ඒ අනුව රජය නිකුත් කර තිබෙන චක්රලේඛයට අනුව ලාබ ලබන ආයතනවල සේවකයන්ට රුපියල් 25000ක් දක්වා පාරිතෝෂික දීමනාවක් ලබාදිය හැකි බැවින් සුගතදාස ක්රීඩා සංකීර්ණ අධිකාරියේ සේවක එකමුතුව එම දීමනාව අපේක්ෂා කරන බවය.
මේ සම්බන්ධයෙන් අධිකාරියේ ප්රධානීන් සමග මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථකවී නැතැයි පෙන්වා දුන් ඔහු අද (16) කෑම පැයේ දී සේවකයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා ව්යාපාරයක් පවත්වන බවත් පැවසීය.
මෙහිදී කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසුවේ ඉවත්ව ගිය හිටපු සභාපතිවරයා වැටුප් නොලබමින් අධිකාරියේ සේවය කළ බවට කෙරෙන ප්රකාශයන් සිය සේවක එකමුතුව ප්රතික්ෂේප කරන බවයි. ඔහුට වැටුප් නිකුත් කළ බවට ලියකියවිලි තමන් සතුවන බවත් ඔහු එහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් අධිකාරියේ ප්රකාශකයකු ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ හිටපු සභාපතිවරයාට වැටුප් නිදහස් කළත් ඔහු එය අධිකාරියේ මියගිය සේවකයකුගේ දරුවන් වෙනුවෙන් සානුකම්පිත හේතු මත ප්රදානය කළ බවයි. සුගතදාස ක්රීඩා සංකීර්ණ අධිකාරියේ 350 දෙනකුගෙන් සමන්විත සේවක සේවිකාවන්ගේ එකමුතුව ඉකුත්දා සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සමිති සන්ධානය සමගත් සාකච්ඡා පැවැත්වීය.
සුගතදාස ක්රීඩා සංකීර්ණයේ පසුගිය මාසයේ ආදායම රුපියල් මිලියන 15ක් පමණ වූ බවත් එහෙත් වැටුප් හා නඩත්තු කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 22කට වැඩි මුදලක් මාසිකව වැය වෙන බැවින් මෙය ලාබ ලබන ආයතනයක් ලෙස කෙරෙන ප්රකාශ නොමග යැවීමක් බවත් ඔහු පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.