Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වැටුපෙන් නැවත අය කර ගන්නා පරිදි රුපියල් 5000 ක් ලබාදීමට එකඟවීමෙන් සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සේවකයන් දින දෙකක් තිස්සේ කරගෙන ගිය වැඩ වර්ජනය අවසන් විය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබිණ.
මෙම සාකච්ඡාවට සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ප්‍රධානීන් හා වැඩ වර්ජනය කැඳවූ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයෝ සහභාගි වූහ.
සුගතදාස ක්‍රීඩා අධිකාරිය වර්තමානයේ ලාබ ලබන ආයතනයක් ලෙස විගණන වාර්තාවල දැක්වීම සැලකිල්ලට ගනිමින් එහි සේවක, සේවිකාවෝ රුපියල් 25,000ක් බැගින් වන ප්‍රසාද දීමනාවක් ඉල්ලමින් මෙම වැඩ වර්ජනය හා විරෝධතාවට එක්ව සිටියහ. කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ඇතුළු එහි සේවා ස්ථාන (ක්‍රීඩාංගන) හතක වැඩ කරන සේවක සංඛ්‍යාව 287 කට ආසන්න වේ.
සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි හා ක්‍රියාකාරි අධ්‍යක්ෂ ජයලත් ඉලංගකෝන් මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම අධිකාරිය ලාබ ලබන ආයතනයක් ලෙස නොමග යැවීම හේතුවෙන් සේවකයන් විරෝධතාවයට පෙළඹුණු බවයි. එහෙත් එසේ නොවන බව ඔවුන්ට තහවුරු කරදීමෙන් පසුව ඔවුන් රුපියල් 5000 ක් වන අත්තිකාරම් මුදල ලබා ගැනීමට එකඟවූ බව ද ඉලංගකෝන් මහතා කීවේය.
“තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන සුගතදාස ක්‍රීඩා අධිකාරිය ලාබ ලබන ආයතනයක් ලෙස විගණන වාර්තාවල දැක්වීම මුළුමනින්ම නොමග යැවීමක්. රුපියල් ලක්ෂ 15ක් තරම් පහළට වැටුණු මෙහි මාසික ආදායම මේ වනවිට රුපියල් මිලියන 12 ක තරම් ගණනකට ගේන්න වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය සමත් වුණා“
“නමුත් ආයතනයේ සමස්ත වියදම වාර්ෂිකව රුපියල් මිලියන 420 ක් තරම් වෙනවා. එයින් මහාභාණ්ඩාගාරය රුපියල් මිලියන 262 ක් ලබාදීලා තිබෙනවා. අධිකාරියේ මුළු ආදායම පසුගිය වසරේ මිලියන 54 යි. මෙම කරුණු වෘත්තීය සමිති ප්‍රධානීන්ට වටහා දුන් පසුව ඔවුන් පිළිගත්තා ලාබ ලබන ආයතනය කියන කතාව බොරුවක් කියලා“ යයි ද ඉලංගකෝන් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.