Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

editorial - 2023 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති රසිත් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත යොමු කර ඇතැයි වාර්තාවේ.

පසුගිය අගෝස්තු මාසයේදී මෙම ධුරයට පත්වූ ඔහු කෙටි කාලයක් තුළදී ධුරයෙන් ඉල්ලා අස්වීමට ගෙන තිබෙන තීරණය මේ වනවිට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවධානයට යොමුව තිබේ.

ඒ මහතා සිලෝන් (මංචි) බිස්කට් සමාගමේ වත්මන් සභාපතිවරයා ද වන අතර සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සේවය කරන්නේ වැටුප් හා වෙනත් පහසුකම් කිසිවක් ලබා නොගනිමින් බවද වාර්තාවේ.

ඔහු සේවය බාර ගන්නාවිට අධිකාරියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 15ක් දක්වා පහළ බැස තිබූ බවත් ​මේ වනවිට එය රුපියල් මිලියන 16ක් තරම් ඉහළ ගොස් තිබෙන බවත් ‘ලංකාදීප’ය කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට රසිත් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා අස්වීම ඊයේ (31) වන තෙක් ක්‍රීඩා ඇමැතිවරයා පිළිගෙන නැත.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වෘත්තිය සමිති එකමුතුව පාරිතෝෂිත දීමනාවක් ඉල්ලා ඉකුත්දා දින කීපයක වැඩවර්ජනයක් දියත් කෙරුණි. කෙසේ වුවත් මෙම අධිකාරිය ලාබ ලබන ආයතනයක් ලෙස පෙන්වා ඒ සඳහා එහි සේවකයන් උසිගැන්වීම් කළ බව කියන මූල්‍ය අධ්‍යක්ෂවරයකුගේ වැඩ තහනම් කිරීමටද අධිකාරිය එහිදී කටයුතු කළේය.


අදහස් (0)

සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.