Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ මාසික විදුලි හා ජල බිල් රුපියල් කෝටියකට ආසන්න වීමෙන් එය අවම කර ගැනීම සඳහා සූර්ය පැනල හා නල ළිං පහසුකම් සලසා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
මේ වනවිට එහි මාසික විදුලි බිල පමණක් රුපියල් මිලියන හයක් දක්වා වැඩි වී ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේදී විදුලි බිල විශාල ලෙස ඉහළ යාම එහිදී සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්මටත් දැඩි ලෙස බලපෑමක් කර තිබේ.
කෙසේ වුවත් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතට ගැනෙන සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ආදායමට වඩා වියදම කලක පටන් ඉහළ ගොස් තිබේ. එහි නඩත්තුව සඳහා ඒ අනුව මහ භාණ්ඩාගාරයෙන්ද අරමුදල් ලබාගැනීමට සිදුව තිබේ.
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතට කොළඹ සංකීර්ණය හැරුණුකොට ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණය, බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණය, බෝගම්බර ක්‍රීඩාංගණය හා නුවරඑළිය තුරඟ තරග ක්‍රීඩා සංකීර්ණය ද ඇතුළත් වෙයි.
සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා පවසන්නේ තමා ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ මාසික ආදායම මේ වනවිට රුපියල් මිලියන 15 සිට 30ක් දක්වා ඉහළ නැංවී තිබෙන බවයි.
අධිකාරිය යටතේ දැනට පාලනය වන ක්‍රීඩා සංකීර්ණයන්හි වැඩ කරන සේවක සේවිකාවන් ගණන 152 කි. වැටුප් වැඩිවීම් හා පාරිතෝෂිත දීමනා ඉල්ලා පසුගිය කාලයේ එහි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෘත්තීය ක්‍රියාමාර්ගවල ද නියැලුණහ.
ඒ පිළිබඳව ලාල් චන්ද්‍රසිරි මහතා පැවැසුවේ, සේවක සේවිකාවන්ගේ වෘත්තීය ගැටලු සිය පාලන කාලය තුළ ද අවම කිරීමට උත්සාහයක් ගනිමින් සිටින බවත්, දැනටත් ඔවුන්ගේ ඇතැම් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දී තිබෙන බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.