Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලිය හෙට සිට

සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලිය හෙට සිට

editorial - 2022 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සුපර් ප්‍රීමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් හෙට (29 වැනිදා) ආරම්භ කිරීමට නියමිතය. 

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේදී තරගාවලිය පැවැත්වීමට නොහැකිවූ අතර පසුගිය වසරේදී (2021) තරගාවලිය ආරම්භ කළද එය තරග 8 කට පමණක් සීමා විය. නැවතත් කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල පැමිණීමත් සමගින් තරගාවලිය අතර මඟ නතර කිරීමට සිදුවිය.

සියලුම කණ්ඩායම් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් 5 සමගින් තරග කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට සුපර් ප්‍රීමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිවේ. සුපර් ප්‍රීමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ තරග 15 ක් පැවැත්වේ.

ඉන් අනතුරුව පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ වන අතර සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් කෙළින්ම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ හයවැනි ස්ථාන ලබාගත් කණ්ඩායම් දෙක අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සිව්වැනි සහ පස්වැනි ස්ථාන ලබාගත් කණ්ඩායම් දෙක අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගය පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අර්ධ අවසන් පූර්ව තරග මැයි 14 වැනිදා පැවැත්වේ.

අවසන් පූර්ව තරග මැයි 17 වැනිදා සී.සී.සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර මැයි 18 වැනිදා අතිරේක දිනයක් ලෙස යොදාගනු ලැබේ. අවසන් මහා තරගය මැයි 21 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වෙළඳසේවා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භ පිළිබඳව තවමත් තොරතුරු ලැබී නොමැති අතර ඒ පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.

තරගාවලියට එක්වන කණ්ඩායම්
හැටන් නැෂනල් බැංකුව
හේලීස් සමූහය
ජෝන් කීල්ස් සමූහය
සී.ඩී.බී. ෆිනෑන්ස්
මෝඞ් ඉංජිනියර්ස්
සම්පත් බැංකුව 

සුපර් ප්‍රීමියර් ලීග් තරග කාලසටහන
අප්‍රේල් 29 -
හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුවව අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ජෝන් කීල්ස් සහ හේලීස් කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
මෝඞ් ඉංජිනියර්ස් සහ සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

මැයි 02 -
සී.ඩී.බී. ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
සම්පත් බැංකුව සහ හේලීස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
මෝඞ් ඉංජිනියර්ස් සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

මැයි 05 -
හැටන් නැෂනල් බැංකුව සහ හේලීස් කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
ජෝන් කීල්ස් සහ සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
සම්පත් බැංකුව සහ මෝඞ් ඉංජිනියර්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

මැයි 08 -
හැටන් නැෂනල් බැංකුව සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
හේලීස් සහ මෝඞ් ඉංජිනියර්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
සී.ඩී.බී. ෆිනෑන්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

මැයි 11 -
මෝඞ් ඉංජිනියර්ස් සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
හේලීස් සහ සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
ජෝන් කීල්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී


පිළිමළුන් පිටුදැකීමේ තරග කාලසටහන
මැයි 14 - අර්ධ අවසන් පූර්ව තරග
ලීග් තරගාවලියේ 3 වැනි ස්ථානය සහ 6 වැනි ස්ථානය අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
ලීග් තරගාවලියේ 4 වැනි ස්ථානය සහ 5 වැනි ස්ථානය අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

මැයි 17 - අවසන් පූර්ව තරග
ලීග් තරගාවලියේ ජයග්‍රාහකයන් සහ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ලීග් තරගාවලියේ අනුශූරයන් සහ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

මැයි 18 - අවසන් පූර්ව තරග (අතිරේක දිනයක්)

මැයි 21 - අවසන් මහ තරගය
පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහ දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.