Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උද්යෝගය වැඩිකරලීමේ ව්‍යාපෘතිය අධීක්‍ෂණය කිරීම සඳහා ‘ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකවරියක්’ ලෙසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය පතකර තිබේ. ඇයට වයස අවුරුදු 55 සම්පූර්ණ වන තුරු ස්ථීර සේවිකාවක ලෙසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කිරීමට නියමිතය.
ඇයගේ සේවය පසුගිය අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාපිත කර තිබේ.
අන්තර්ජාතික ක්‍රීඩා පිටියේදී පදක්කම් දිනාගැනීමට වැඩි අවස්ථාවක් ඇති මලල ක්‍රීඩාවෙන් වැඩිපුර ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්‍ෂා කරමින් ඇයට මෙම උපදේශක තනතුර පිරිනමා තිබේ. ක්‍රීඩා කුසලතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව තුළ දිගටම රඳවා ගැනීමටත්, ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගැනීමටත් අවශ්‍ය ධෛර්ය වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
වසර 2024, 2028, සහ 2032 ඔලිම්පික් උළෙල ඉලක්ක කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර සුසන්තිකා ජයසිංහ මහත්මියට වයස 55 වනතුරු රඳවා ගැනීමට හේතුව වී තිබේ.
වසර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ මහත්මිය මීට පෙරද ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක ලෙසින් කටයුතු කළාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.