Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙරටින් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු හා රග්බි ක්‍රීඩකයකු වන සුම්මා නවරත්නම් මහතා අභාප්‍රාප්‍ත විය.
මිය යන විට 98 හැවිරිදි ව්යේ පසුවූ ඒ මහතා 1944 සිට 1953 දක්වා මීටර් 100 ඉසව්වේ ජාතික ශුරයා වෙමින් එහි තරග වාර්තාවට හිමිකම් කීය.1953 මදුරාසියේදී පැවති ඉන්දු - ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී මිටර් 100 (පිරිමි ) ඉසව්ව තත්පර 10.4 කට නිමා කිරීමෙන් ඔහු එම වසරේදී එම ඉසව්වෙන් ආසියාවේ වේගවත්ම ධාවකයා බවටද පත් විය.
1950 නවසීලන්තයේදී පැවති පොදු රද මඩුලූ ක්‍රීඩා උලෙළදී ඩන්කන් වයිට්ද ඇතුළත් සිව් වැනි ස්ටානයට පත් ශ්‍රී ලංකා මිටර් 100 × 4 (පිරිමි ) කන්ඩායමට ඔහු ඇතුළත් විය.
එහි විශේෂත්වය වන්නේ එදා මෙදා තුර අන්තර් ජාතික තරගාවලියකදී මෙම සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අත් කර ගත් ඉහළම ජයග්‍රහණය එය වීමයි.
රග්බි ක්‍රීඩකයකු ලෙස සී. ආර්. පිලේ වසර තුනක් ( 1954 සිට 56 දක්වා) ක්‍රීඩා කර ඇති ඔහු 1974 දී ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ධූරයද දරා තිබේ.ඔහු සී. ආර්. පිලේ ක්‍රීඩා කළ වසර තුනේදීම එම ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන දිනා ගැනීමට සමත්ව තිබේ.
අවසන් කටයුතු හෙට (20) පස්වරු 2 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය බොරැල්ල ඒ. එෆ්. රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.