Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙංකඩගල මෝටර් රථ - යතුරුපැදි ප්‍රදර්ශනය 21 දා ඇරඹෙයි

සෙංකඩගල මෝටර් රථ - යතුරුපැදි ප්‍රදර්ශනය 21 දා ඇරඹෙයි

editorial - 2022 දෙසැ මස 21 117 Views 0 Comment
A A A

සෙංකඩගල මෝටර්රථ ක්‍රීඩා සමාජය සංවිධානය කරන වසරේ දැවැන්තම මෝටර්රථ සහ යතුරුපැදි ප්‍රදර්ශනය සෙංකඩගල මෝටර් ෆියෙස්ටා -2022 මේ මස 21 සහ 22 යන දිනවලදී මහනුවර සහස් උයන පරිශ්‍රෙය්දී පැවැත්වේ.

මෙහි සමාරම්භක උත්සවය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර 21 වැනිදා පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වාත් 22 වැනිදා පෙරවරු 11 සිට රාත්‍රිය වනතුරුම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

මෙහිදී යතුරුපැදි සහ මෝටර්රථ ධාවනයේ දැනට පෙරමුණේ සිටින තරගකරුවන් සහ තරගකාරියන් එම රථ සමග ප්‍රදර්ශනයට සහභාගි වීමට නියමිතය.

තවද විදුලිරථ, පැරැණි මෝටර්රථ සහ යතුරුපැදි, ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කළ යතුරුපැදි සහ නවීන අධිධාරිතා මෝටර් රථ වැනි විවිධ ඉසව් යටතේ වාහන රැසක්ම දැකබලාගත හැකිවෙයි.

මෙවැනි ප්‍රදර්ශනයක් මධ්‍යම පළාතේ ප්‍රථම වරට සංවිධානය කෙරෙන අතර එය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

 


අදහස් (0)

සෙංකඩගල මෝටර් රථ - යතුරුපැදි ප්‍රදර්ශනය 21 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.