Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් අවසන් පූර්ව වටයේ

සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් අවසන් පූර්ව වටයේ

editorial - 2022 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්තිනයිට් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත් විය.  

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ සෙබස්තිනයිට් ක්‍රීඩා සමාජය මූලික වටයේදී සහභාගි වූ තරග 6 න් 5 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට පිවිසයේ සහභාගි වූ තරග 6 න් 5 ක් ජයගෙන එක් තරගයක් ජය පැරදුමකින් තොරව අවසන් කරගනිමිනි.    

මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය 8 වැනිදා සිට 10 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් මීගමුව ක්‍රීඩා සමාජය සහ ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගත් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය අතර පැවති අවසන් පූර්ව තරගයෙන් ජය ලැබූ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය මේ වන විටත් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටී.


අදහස් (0)

සෙබස්තියනයිට්ස් - කෝල්ට්ස් අවසන් පූර්ව වටයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.