Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙමිණිට චෝදනාවට උත්තර බඳින්න කියයි

සෙමිණිට චෝදනාවට උත්තර බඳින්න කියයි

editorial - 2024 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තහනම්  උත්තේජක  ශරීර ගත කර ගෙන ඇතැයි චෝදනා  ලබා සිටින ජාතික  දැල්පන්දු  සංචිතයේ  ජ්‍යෙෂ්ඨ  ක්‍රීඩිකා ශ්‍රී  ලංකා දැල්පන්දු කණ්ඩායමේ  හිටපු  නායිකාවක්ද වන සෙමිණි  අල්විස්ට එකී චෝදනාවෙන් නිදොස්  වීමට ඇති කරුණු තිබේ නම්  ඉතා ඉක්මනින්ම  ඉදිරිපත්  කරන ලෙස  ශ්‍රී  ලංකා තහනම් උත්තේජක  නිවාරණ  ආයතනය  දැනුම්දී තිබේ.

ඒ අගහරුවාදා (14) ඇය එම  ආයතනයේ  ප්‍රධානීන්  ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදීය.

එම අවස්ථාවට ශ්‍රී  ලංකා දැල්පන්දු  සම්මේලනයේ  සභාපතිනි  ලක්ෂ්මී  වික්ටෝරියා  හා සෙමිණි අල්විස් ගේ මව වන හිටපු  ජාතික  දැල්පන්දු  පුහුණුකාරිණීයක් වන දීප්ති අල්විස්  යන මහත්මීහුද සහභාගිවී සිටියහ.

මෙම  ක්‍රීඩිකාව පාවිච්චි කරන ලද බව කියන ඖෂධ  පිළිබඳව  එහිදී  අවධානය  යොමු කර තිබේ.මෙම  ඖෂධ  වෛද්‍යවරුන්ගේ  උපදෙස්  පරිදි  ලබා ගත් ඒවාද යන්න පිළිබඳවත් එහිදී අවධානයට යොමු  කෙරෙන බවද වාර්තාවේ.

ලක්ෂ්මී  වික්ටෝරියා  මහත්මිය  පැවැසුවේ  අදාළ චෝදනාව ඇය ප්‍රතික්ෂේප  කර තිබෙන බැවින්  ඇගේ නිදොස්භාවය  වෙනුවෙන්  ශ්‍රී  ලංකා දැල්පන්දු  සම්මේලනය පෙනී සිටින බවයි.

සෙමිණි  අල්විස් මේ වන විට 32 හැවිරිදි  වියේ පසුවන ජාත්‍යන්තර  දැල්පන්දු  තරග 75 කට පමණ සහභාගිවී සිටින  අත්දැකීම්  පිරිපුණ් ක්‍රීඩිකාවකි.ඇය කේප්ටවුන් 2015 ලෝක කුසලාන  දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී  ල‍‍ංකා  කණ්ඩායමේ නායිකාව  ලෙස කටයුතු  කරමින් මේ දක්වා ජාතික  දැල්පන්දු  කණ්ඩායමේ සිය ස්ථානය  තහවුරු කර ගෙන සිටියි.

කේප්ටවුන්  ලෝක තරගාවලියේදී  සෙමිණි  ශ්‍රී  ලංකා නායිකාව  වූ අතර ඇගේ මව වන දීප්ති  අල්විස් මහත්මිය  ශ්‍රී  ල‍‍ංකා  කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකාරිණීය ලෙස කටයුතු කළාය.


අදහස් (0)

සෙමිණිට චෝදනාවට උත්තර බඳින්න කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.