Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ‘හිල්ටන්’ නවාතැන 9 වැනි වරටත් සංවිධානය කරන ”හිල්ටන් කලම්බෝ රෙසිඩන්සීස්” විනෝද ධාවනය මේ මස 20 වැනිදා පෙරවරු 7.00 ට එම හෝටලය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය.
විවෘත (පිරිමි/කාන්තා) සහ වයස 15 න් පහළ (බාලක/බාලිකා) යන කාණ්ඩ හතර යටතේ විවෘත තරගාවලියක් ලෙසද මෙය පැවැත්වේ. විවෘත පිරිමි සහ කාන්තා තරගයේ දුර කිලෝමීටර 6 ක් වන අතර වයස 15 න් පහළ තරගයේ දුර කිලෝමීටර 3 කි.
විවෘත ඉසව්වල පළමු ස්ථානයට රුපියල් 50,000 ක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 25,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 15,000 ක්ද, බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ. වයස 15 න් පහළ ඉසව් දෙකේ ජයග්රහකයන්ටද වටිනා ත්‍යාග පිරිනැමීමට නියමිතය.
ස්ටේපල්ස් වීදියෙන් ආරම්භ වන විවෘත තරගය යූනියන් පෙදෙස, රයිෆල් වීදියට පැමිණ මැලේ වීදිය, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, ටී. බී. ජයා මාවත ඔස්සේ නැවත යූනියන් පෙදෙසට පැමිණ හෝටලය අසළින් අවසන් වේ.
වයස 15 න් පහළ තරගය මැලේ වීදියෙන් ආරම්භ වී කුමාරන් රත්නම් මාවත, කොම්පඤ්ඤවීදිය පොලිසය අසළින් යූනියන් පෙදෙස හරහා පැමිණ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලය අසළින් අවසන් වේ.
තරගයට සහභාගි විමට කැමති පුද්ගලයන්ට හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේ ක්‍රීඩා මධ්‍යස්ථානයෙන් අයැදුම්පත් ලබාගත හැකිය. වැඩි විස්තර 0115344644 (දිගුව 620) දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය.
හිල්ටන් කලම්බෝ රෙසිඩන්සීස් හෝටලයේ සාමාන්‍යාධිකාරී කරීම් ශඞ්ලූ මහතා තරගාවලිය පිළිබ`දව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසුවේ හිල්ටන් හෝටල් සමූහය ලෝකය පුරා විවිධ ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ වන බවයි.
”මෙම තරගයට පසුගිය වසරේ 250 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වුණා. මෙවර 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වේ යැයි අප බලාපොරොත්තුවෙන් ඉන්නවා’’ යැයි කරීම් ශඞ්ලූ මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.