Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී පානදුර පිල පරදවා කඩුලූ 8 කින් ජය ගැනීමට යුද හමුදා පිල සමත්විය. මෙම තරගය පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යුද හමුදා පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට පානදුර ක‍්‍රීඩා සමාජයට ආරාධනා කළ අතර පානදුර පිලට ඕවර් 22.2 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 60 ක් පමණි. රවින්ද්‍ර පල්ලියගුරුගේ ඕවර් 2.2 කදී නිළකුණු ඕවර් 2 ක්ද සමගින් කිසිදු ලකුණක් ලබා නොදී කඩුලූ 4 ක් ලබා ගැනීමට සමත්විය. ඔහුට මනා සහයක් දුන් අජන්ත මෙන්ඩිස් (14/3) සහ සීක්කුගේ ප‍්‍රසන්න (14/2) කඩුලූ 5 ක් බෙදා ගත්හ.
ලකුණු 61 ක ඉලක්කයක් හඹාගිය යුද හමුදා පිල ඕවර 14.2 කදී කඩුලූ 2ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
පානදුර ඕවර 22.2 කදී සියලූ දෙනා දැවී 60
(සශීන් ප‍්‍රනාන්දු 17, රවින්ද්‍ර පල්ලියගුරුගේ 0/4, අජන්ත මෙන්ඩිස් 14/3, සීක්කුගේ ප‍්‍රසන්න 14/2)
යුද හමුදා පිල ඕවර 14.2 කදී කඩුලූ 2ක් දැවී 61
(රිශාන් කාවිංග නොදැවී 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.