Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හයිසින්ත්ගේ සේවය අවසන්?

හයිසින්ත්ගේ සේවය අවසන්?

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය සඳහා නැවත අයැදුම්පත් කැඳවීමට ගෙන තිබෙන තීරණයට මේ වන විට එම ධුරය දරමින් සිටින හයිසින්ත් විජේසිංහ මහත්මියගෙන් විරෝධය පළවී තිබේ. ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය නැවත පිරවීමට කටයුතු කළ යුත්තේ ලබන දෙසැම්බර් 31 විනිදායින් පසුව බවත් එතෙක් එහි කටයුතු කිරීමේ අවස්ථාව තමන්ට හිමිවිය යුතු බවත් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ පෙරේදා (8)රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති කවුන්සිල් රැස්වීමේදී ඇය ප්‍රකාශ කර තිබේ.

තමන්ට ජාතික පුහුණුකරු ධුරය සඳහා හිමිවිය යුතු මාසික වේතනය ගෙවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති හයිසින්ත් විජේසිංහ මහත්මිය තමාගේ පුහුණු මෙහෙයවීම් යටතේ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දිනා මාසයක් ඉක්මයාමට මත්තෙන් තමාගේ සේවය අවසන් කිරීමට දැල්පන්දු සම්මේලනය උත්සාහ ගැනීම ගැන කනස්සල්ල පළකර සිටි බවද වාර්තාවේ.

මේ අතර සේමිණි අල්විස් ක්‍රීඩිකාවට පැවැති ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිසි ස්ථානයක් හිමි නොවීම සම්බන්ධයෙන් කවුන්සිල් රැස්වීමට සහභාගි වී සිටි ඇගේ මව වන හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිණියක්ද වන දීප්ති අල්විස් මහත්මිය ඇතුළු නියෝජිතවරියන් කීපදෙනෙක් ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ඉල්ලා සිටීමෙන් පෙරේදා රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවද වාර්තාවේ.

එම චෝදනාවට හයිසින්ත් විජේසිංහ මහත්මිය පිළිතුරු ලබා දී තිබෙන අතර ලෝක ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් මීළඟට කැඳවන ජාතික දැල්පන්දු පුහුණු සංචිතය සඳහා ක්‍රීඩිකාවන් තේරීමේදී අවම අඩි 5 අඟල් 8ක් උස ක්‍රීඩිකාවන් පමණක් ඒ සඳහා නිර්දේශ කර ගත යුතු බවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව මානව හිමිකම් ප්‍රශ්නයක් දක්වා දුරදිග යා හැකි බවට මේ වන විට ඊට එරෙහි වන්නන් අනතුරු අඟවා තිබේ.


අදහස් (0)

හයිසින්ත්ගේ සේවය අවසන්?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.