Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යාංශයේ විෂයන්ද පැවරී තිබෙන අගමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය දිවුරුම්දීමෙන් පසුව ඊයේ (24) පස්වරුවේදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ එහි නිලධාරීන්' මුණ ගැසුණි.
එහිදී කෙටි වේලාවක් ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඔවුන් සමග කථාබහක නිරතවූ අගමැතිනිය මේ අවස්ථාවේදී එකමුතුව වැඩ කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය නව රජය අපේක්ෂා කරන බව පැවැසුවාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය නව ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාද එක්ව සිටියේය. මෙතෙක්' ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේෂන් තවදුරටත් එම ධූරයේ කටයුතු කරන අතර ඒ හැරෙන්නට ලේකම් ධූරයේ ඔහුගේ විෂය පඨයට කාන්තා හා ළමා යන අමාත්‍යාංශ විෂය පඨයන්ද අලුතින් එකතු කර තිබේ.
මහේෂන් මහතා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පිළිගනු ලැබුවාය.
පසුගිය අගෝස්තු 9 වැනිදා ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඉවත්වීමෙන් පසුව එතැන් සිට එම අමාත්‍යාංශ විෂය පඨයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා ධූරයෙන් ඉවත්ව යනතුරු (23) තමන් වෙත පවරා ගනු ලැබීය.
ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට ජනාධිපති උපදේශකවරයකු ලෙස පත්වීමක් ලබාදීමටද වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.
වසර 2022 අප්‍රේල් 3 වැනිදා එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇමැති ධූරයට පත්වූ රොෂාන් රණසිංහ මහතා 2023 නොවැම්බර් 27 වැනිදා එයින් ඉවත් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමැති ධූරයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ' මහතා කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.