Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉසිපතන විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හරීන් බුද්දිල ඉනිම් දෙකේදීම කඩුලු 5 බැගින් ලකුණු 49 කට කඩුලු 10 ක් දවාගනිමින් ජයග්රහණයේ නියමුවා බවට පත් විය.
රවිඳු සංජන (67), සංදීප චමෝද් (55) සහ ළහිරු ධනංජය (51) ශාන්ත ඇලවීෂියස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 98
(සංජුල ඉලංගතිලක 55, හරීන් බුද්දිල 21/5, කවිඳු මඳුරංග 9/2, රවිඳු සංජන 11/2)
ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 72 කදී සියලු දෙනා දැවී 258
(රවිඳු සංජන 67, සංදීප චමෝද් 55, ළහිරු ධනංජය 51, පසිඳු නානායක්කාර 36, ළහිරු දිල්ෂාන් 50/4, මධුෂික සඳරුවන් 38/2, සංජුල ඉලංගතිලක 82/2)
ඉසිපතන විදුහල දෙවැනි ඉනිම - ඕවර 33 කදී සියලු දෙනා දැවී 77
(හරීන් බුද්දිල 28/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.