Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සංවිධානයෙන් එම සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති එස්.එස්.සී. විවෘත ටෙනිස් ශූරතාවලියේ වයස 18 න් පහළ බාලක කේවල ශූරතාව දිනාගැනීමට හසල් අහංගමද, බාලිකා කේවල ශූරතාව දිනාගැනීමට විශ්මි සේරසිංහද සමත් වූහ.
කොළඹ ආනන්ද විදුහලේ ක්‍රීඩකයකු වන හසල්, අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (6/0, 6/2) ආනන්ද විදුහලේම ක්‍රීඩකයකු වන රන්සත් පීරිස් පරාජය කරමින් වයස 18 න් පහළ බාලක කේවල ශූරතාව තමන් සතු කරගත්තේය.
මීගමුව ආවෙ මරියා විදුහලේ ක්‍රීඩිකාවක වන විශ්මි, වයස 18 න් පහළ බාලිකා කේවල ශූරතාව දිනාගත්තේ එහි අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (6/3, 6/1) කොළඹ කාන්තා විදුහලේ ක්‍රීඩිකාවක වන අනිත්‍රා ධර්මරත්න පරාජය කරමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.