Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තාන තුන් ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් හෆීස් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කර ඇත. වයස 18 ක සිය ජාත්‍යන්තර තරග දිවිය නිමා වුවද, තවදුරටත් ලොව පුරා විස්සයි-20 ලීග සඳහා කී‍්‍රඩා කිරීමට තමා කටයුතු කරන බව හෆීස් පවසයි.
”අද මම ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නේ ඉතාමත් අභිමානයෙන් වගේම තෘප්තියෙන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් කි‍්‍රකට් කී‍්‍රඩාව තුළින් බලාපොරොත්තු වුණාට වැඩි යමක් මේ වන විට මම ලබාගෙන තියෙනවා. ඒ සඳහා මට උදව් කරපු කී‍්‍රඩකයන්ට, නායකයන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට වගේම පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලයටත් මම ස්තූතිවන්ත වෙනවා.” යැයි හෆීස් පැවසීය.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2003 වසරේදී සිය මංගල එක්දින තරගයට කී‍්‍රඩා කරමින් හෆීස් ජාත්‍යන්තර වරම් ලැබීය. මෙම වසරේදී (2021) පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ඔහුගේ අවසන් ජත්‍යන්තර තරගය විය.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව තමා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බවට හෆීස් ප‍්‍රකාශ කර තිබුණද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එම තරගාවලිය මෙම වසරට කල් දැමීම නිසා ඔහුට සිය සමුගැනීමට සනිටුහන් කිරීමට තවත් කාලයක් බලා සිටීමට සිදුවිය.
ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා විට හෆීස් ටෙස්ට් තරග 55 කට, එක්දින තරග 218 කට සහ විස්සයි-20 තරග 119 කට කී‍්‍රඩා කර තිබිණ. එම තරගවලදී ලකුණු 12,780 ක් රැස්කිරීමටත්, කඩුලූ 253 ක් බිඳහෙළීමටත් ඔහු සමත්ව සිටියේය.
2018 වසරේ දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට්තරගයෙන් අනතුරුව ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට සමුදුන් හෆීස්, අවසන් වරට එක්දින තරගයකදී පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළේ 2019 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයකදීය.
මේ දක්වා පැවැති සෑම විස්සයි-20 ලෝක කුසාලන තරගාවලියකටම කී‍්‍රඩා කළ හෆීස්, 2012 වසරේදී පාකිස්තාන කණ්ඩායම අවසන් පූර්ව වටයට දක්වා රැගෙන යෑමට නායකත්වය දුන්නේය. 2014 වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසාලන තරගාවලියේදී පාකිස්තානය මූලික වටයෙන්ම ඉවතට විසි වූයේද හෆීස්ගේ නායකත්වය යටතේය.
කෙසේ වුවත් විස්සයි-20 තරග 29 කදී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දැරූ හෆීස්, ඉන් තරග 18 ක් ජයගහණය කිරීම සිය කණ්ඩායම මෙහෙවීය. ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් වූයේ තරග 11 ක් පමණි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.