Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් හෆීස්ගේ පන්දුයැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට පැමිණිළි ලැබී ඇතැයි අන්තර් ජාතික කි‍්‍රකට් සභාව ප‍්‍රකාශ කර සිටියි. පාකිස්තානය සහ නවසීලන්තය අතර අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ විනිසුරුවන් විසින් හෆීස්ගේ පන්දුයැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට අන්තර් ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිළි කරනු ලැබ තිබේ.
එම තරගයෙන් ලකුණු 248 ක පහසු ජයක් අත්කරගත් පාකිස්තානය, 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය.
අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති වලට අනුව පන්දුව දමාගසන බවට චෝදනා ලැබූ කී‍්‍රඩකයකු දින 21 ක් තුළ පරීක්‍ෂණයක් සඳහා පෙනීසිටිය යුතු අතර එම පරික්ෂණයේ ප‍්‍රතිඵලය ලැබෙන තෙක් ඔහුට අන්තර් ජාතික තරග වලදී පන්දු යැවීමට අවසර තිබේ.
පාකිස්තානයේ සයිඞ් අජ්මාල්, ශී‍්‍ර ලංකාවේ සචිත‍්‍ර සේනානායක, නවසීලන්තයේ කේන් විලියම්සන්, බංගලාදේශයේ සොහාග් ගාසි සහ සිම්බාබ්වේ පිලේ ප්‍රොස්පර් උට්සේයාද පන්දුව දමාගසන බවට චෝදනා ලැබ සිටිති. විශේෂත්වය වන්නේ මෙළෙස පන්දුව දමාගසන බවට චෝදනා ලබා සිටින කී‍්‍රඩකයන් සියලූ දෙනාම පිට දඟ පන්දුයවන්නන් වීමයි.
අජ්මාල්ගේ මෙන්ම හෆීස්ගේද පන්දුයැවීමේ ඉරියව් සම්බන්ධයෙන් පැමිණිළි වාර්තා වූ තරග දෙකෙහිම තරග තීරක වරයා වශයෙන් සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා කටයුතු කළේය. මේ වසරේ අගෝස්තු මාසයේදී ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයකදී සයීඞ් අජ්මල් පන්දුව දමාගසන බවට විනිසුරුවරුන් පැමිණිළි කළ අවස්ථාවේදීත් තරග තීරකවරයා වූයේ පයික්‍රොෆ්ට් මහතාය.
හෆීස්ගේද පන්දුයැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පැමිණිල්ල වාර්තා වූ තරගයේ ප‍්‍රධාන විනිසුරුවරු දෙදෙනා ලෙස ශී‍්‍ර ලංකාවේ රැන්මෝ මාර්ටිනස් මහතා සහ ඕස්ටේ‍්‍රලියාවේ රොඞ් ටකර් මහතා කටයුතු කළහ. එහි තෙවැනි විනිසුරු වරයා වූයේ ඕස්ටේ‍්‍රලියාවේ පෝල් රයිෆල් මහතාය.
මින් පෙරද 2005 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සමග බි‍්‍රස්බේන්හිදී පැවැති එක්දින තරගයකදී පන්දුව දමාගසන බවට චෝදනා ලබා ඇති හෆීස්, පරීක්ෂණයකට පෙනී සිටිමින් එය නිවැරදි බව ඔප්පුකර නැවතත් පන්දු යැවීමට යෙමුවිය.
”මම මගේ පන්දු යැවීමේ ඉරියව්වේ කිසිම වෙනසක් කරලා නෑ. මේ වෙනකොට මම අවුරුදු 11 ක් තිස්සේ මේ ඉරියව්වෙන්ම පන්දු යවලා තියනවා. ඒ නිසා මට විශ්වාසයි මගේ පන්දු යැවීමේ ඉරියව්වේ කිසිම වරදක් නෑ කියලා. මට ඒ ගැන බයක් නෑ” යැයි මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මොහොමඞ් හෆීස් කියා සිටියේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.