Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
වෙළඳසේවා සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැටන් නැෂනල් බැංකු පිල සමත්විය. තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී සී.ඩී.බී. ෆිනෑන්ස් පිලට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් හිමිකර ගැනීමට හැටන් නැෂනල් බැංකු පිලට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය හැටන් නැෂනල් බැංකු පිල ඕවර 48.1 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
රවීන් ද සිල්වා පන්දු 90 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 48 ක් ලබාගත් අතර මාධව වර්ණපුර පන්දු 67 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත්තේය.
චාමර සිල්වා පන්දු 46 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් ලබාගනිමින් හැටන් නැෂනල් බැංකු පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ලක්ෂිත මනසිංහ, ළහිරු මදුසංක සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවාගත්තද හැටන් නැෂනල් බැංකු පිලේ ජයග්‍රහණය කරා යෑම වලකාලීමට අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනූ හැටන් නැෂනල් බැංකු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සී.ඩි.බී. ෆිනෑන්ස් පිලට ඕවර 49 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 195 ක් පමණි.
හසිත පෙරේරා පන්දු 53 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 42 ක් ලබාගත් අතර රොහාන් සංජය පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 33 ක් ලබාගනිමින් සී.ඩි.බී. ෆිනෑන්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
ගයාන් සිරිසෝම සහ මාධව වර්ණපුර කඩුලු 3 බැගින්ද, ඩිල්ෂාන් මුණවීර කඩුලු 2 ක් ද දවාගනිමින් හැටන් නැෂනල් බැංකු පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
සී.ඩි.බී. ෆිනෑන්ස් - ඕවර 49 කදී සියලුදෙනා දැවී 195
(සිතාර ගිම්හාන් 22, හසිත පෙරේරා 42, ලක්ෂිත මනසිංහ 20, තරිඳු රත්නායක 23, රොහාන් සංජය 33, ගයාන් සිරිසෝම 24/3, මාධව වර්ණපුර 34/3, ඩිල්ෂාන් මුණවීර 43/2)
හැටන් නැෂනල් බැංකුව - ඕවර 48.1 කදී කඩුලු 8 ක් දැවී 196
(චමිඳු විජේසිංහ 21, රවීන් ද සිල්වා 48, මාධව වර්ණපුර 41, චාමර සිල්වා නොදැවී 36, ලක්ෂිත මනසිංහ 19/2, ළහිරු මදුසංක 29/2, තරිඳු රත්නායක 41/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.