Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක් පිල පිට පිටම පස්වැනි ජයත් ලබයි
අන්තර් සමාජ රග්බි ලීගය

හැව්ලොක් පිල පිට පිටම පස්වැනි ජයත් ලබයි

editorial - 2022 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර අද (19 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරග‍යෙන් ලකුණු 21-17 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 5 කට ක්‍රීඩා කර ඇති හැව්ලොක් කණ්ඩායම එම තරග 5 ම ජයගෙන තවදුරටත් සිය අපරාජිත බව රැකගෙන සිටියි. 

ගෝල දිනුමක් සහ දඬුවම් උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ හැව්ලොක් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-07 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. පොලිසිය පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සමගිනි. තරගය ආරම්භ වී විනාඩි 7 ක් ගතවන විට රිසිත් සිල්වා පොලිස් කණ්ඩායම වෙනුවෙන් එම උත්සාහක දිනුම ලබාගත් අතර යොහාන් පීරිස් එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගත්තේය.

තරගයේ 16 වැනි විනාඩියේදී පොලිස් ක්‍රීඩකයන්ගේ අනතුරුදායක ක්‍රීඩා විලාශය හේතුවෙන් හැව්ලොක් කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් (ලකුණු 7 ක්) පිරිනැමීමට විනිසුරුවරයා පියවර ගත්තේය. ඉන් අනතුරුව 19 වැනි විනාඩියේදී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් රන්දිත වර්ණපුර උත්සාහ දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ සන්දේෂ් ජයවික්‍රම විසිනි.

දෙවැනි අර්ධයේදී දෙපිලම ගෝල දිනුම බැගින් ලබාගත් අතර ‍දඬුවම් පහරක් මගින්ද පොලිසියට එහිදී ලකුණු හිමිවිය. 43 වැනි විනාඩියේදී‍ පොලිසිය වෙනුවෙන් එම දඬුවම් පහර සාර්ථක කරගත් යොහාන් පෙරේරා, ඉන් නොනැවතී 70 වැනි විනාඩියේදී හේෂාන් තිලකරත්න ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගැනීමට සමත් විය.

තරගයේ 75 වැනි විනාඩියේදී සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට හැව්ලොක් කණ්ඩායමේ රන්දිත වර්ණපුර් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සන්දේෂ් ජයවික්‍රම, එය ගෝල දිනුමක් බවට පත් කළේය. කෙසේ වුවත් තරගය නිමා වීමට විනාඩි දෙකහමාරක් තිබියදී රතු කඩ්පතක් ලැබීම හේතුවෙන් හැව්ලොක් කණ්ඩායමේ ක්‍රිස්ටියන් ඩි’ලීට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

පොලිස් කණ්ඩායමේ සුරංග කසුන් සහ රිසිත සිල්වා තරග‍යේ 16 වැනි සහ 28 වැනි විනාඩිවලදීද, හැව්ලොක් කණ්ඩායමේ උමේෂ් මධුෂාන් තරග‍යේ 68 වැනි විනාඩියේදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගය තුළදී හැව්ලොක් කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 5 ක්ද, පොලිස් කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 10 ක්ද සිදු කළහ.


අදහස් (0)

හැව්ලොක් පිල පිට පිටම පස්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.