Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් කී‍්‍රඩකයෝ 39-18 කින් යුද හමුදව පරදවති

හැව්ලොක්ස් කී‍්‍රඩකයෝ 39-18 කින් යුද හමුදව පරදවති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ 'ඩයලොග්' කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතියේ අවසන් තරගය ලෙස හැව්ලොක්ස් පිටියේදී අද (24) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති තරගයෙන් හැව්ලොක්ස් කී‍්‍රඩකයෝ ලකුණු 39-18 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ. ජයග‍්‍රාහී හැව්ලොක්ස් පිල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළේය.

යුද හමුදා පිලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් හා දඬුවම් පහර 02 කින් ලකුණු එකතු විය. මෙම තරගය පළමු අර්ධයේදී තියුණු එකක් වූ අතර එම අර්ධය අවසන් වනවිට හැව්ලොක්ස් පිල ලකුණු 17-15 ක් ලෙස ලකුණු 2 කින් පමණක් ඉදරියෙන් සිටියේය.

හැව්ලොක්ස් පිල තරගයේ අවසන් මිනිත්තු 08 තුළදී ගෝල 2ක් සම්පූර්ණ කරමින් ලකුණු තත්වය 39ක් දක්වා ඉහළ දැමීමට සමත්විය.

 

- 048

 


අදහස් (0)

හැව්ලොක්ස් කී‍්‍රඩකයෝ 39-18 කින් යුද හමුදව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.