Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් පිල දෙවැනි තැන රැකගනී

හැව්ලොක්ස් පිල දෙවැනි තැන රැකගනී

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතියේ අවසන් තරගය ලෙස හැව්ලොක්ස් පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර හැව්ලොක්ස් පිටියේදී අද (20) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේදී පැවැති තරගයෙන් හැව්ලොක්ස් පිල ලකුණු 26-21 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.

හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේදී ලැබූ 11 වැනි ජය මෙය වේ. හැව්ලොක්ස් පිල දෙවැනි වටයේ පස්වැනි සතියේ තරග අවසන් වන විට ප‍්‍රසාද ලකුණු 53 ක් ලබා දෙවැනි ස්ථානයේ පසු විය.

සී. ආර්. පිල පස්වැනි සතිය අවසානයේදී තරග 12 කදී තරග 8 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 47 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවිය.

ජයග‍්‍රාහි හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ගෝල 3 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කිරීමට සමත් වූහ. සී. ආර්. පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු කර ගත්තේය.

කොළඹ ප‍්‍රධානතම රග්බි සමාජය දෙක අතර මෙම තරගය මෙවර තරග වාරයේ රග්බි පේ‍්‍රක්‍ෂකයන්ට නැරඹීමට ලැබුණු තියුණු තරගයක් බවට පත්විය. තරගය ආරම්භයේ සිට දෙපිලේම ක‍්‍රීඩකයන් ආක‍්‍රමණශීලි ක‍්‍රීඩා විලාශයක් අනුගමනය කළ ආකාරය දැකගත හැකි විය.

හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-6 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

සී. ආර්. පිල දෙවැනි අර්ධයේ 15 වැනි මිනිත්තුවේදී ලකුණු 21-19 ක් ලෙස පෙරමුණ පැමිණෙමින් හැව්ලොක්ස් පිලේ හදගැස්ම වැඩි කිරීමට සමත් විය.

හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ අවසන් මිනිත්තු කීපයේදී ගෝලයක් සම්පූර්ණ කරමින් ලකුණු 26-21 ක් ලෙස ඉදිරියට පැමිණෙමින් දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත් වූහ.  

 


අදහස් (0)

හැව්ලොක්ස් පිල දෙවැනි තැන රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.