Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සැලසුම් සහගතව ක්‍රීඩා කළ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 29-19ක ජයක් වාර්තා කිරිමට සමත්විය. තරගය පුරා උත්සාහක දිනුම් 4ක් තැබීමට සමත්වීමෙන් අතිරේක ප්‍රසාද ලකුණක් අත් කර ගැනීමටත් හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට හැකිවිය.
කළින් රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැත්වීමට නියමිතව තිබුණත් අවසන් මොහොතේ පොලිස් පිටියට මාරු කළ මේ තරගයේ ආරම්භයේ සිටම යුද හමුදා පිල පාලනය කරගත් හැව්ලොක්ස් පිල පළමු භාගය නිමා කරගත්තේ ලකුණු 21-14ක් ලෙස පෙරමුණ ගනිමිනි.
වර්ෂාව මැද ආරම්භ කළ මේ තරගයේ සංජය රත්නායක තැබූ අනගි උත්සාහක දිනුමකින් යුද හමුදා පිල ලකුණු ලබාගැනීම ඇරැඹිය. ගයාන් සාලින්ද එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරිමෙන් ලකුණු 7-0කින් ඉදිරියට ගියත් ඊට මොහොතකට පසුව හැව්ලොක්ස් පිලේ හිරන්ත පෙරේරා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ දුලාජ් පෙරේරා ලකුණු සංඛ්‍යාව 7-7කින් සම කළේය.
එහෙත් සටන්කාමී යුද හමුදා ක්‍රීඩකයන් නැවත පෙරමුණ ගැනීමට සමත්වූයේ මොහොමඞ් රිස්වි තැබූ උත්සාහක දිනුමකිනි. ගයාන් සාලින්දගේ පන්දු පිරිනැමීමක් රිස්වි ඉතා වේගයෙන් ප්‍රතිවාදී සීමා ඉරට පැන උත්සාහක දිනුමක් බවට පත් කළ අතර සාලින්ද එය ප්‍රවර්ථනය කරමින් සිය කණ්ඩායම ලකුණු 14-7කින් ඉහළට ඔසවා තැබුවේය.
ඊළඟ මොහොතේ කරට කර සටනක නිරතවූ දෙපිලම උත්සාහක දිනුම් පිපාසයෙන් තරග කිරීමට පටන් ගත් අතර රමේෂ් ප්‍රනාන්දු තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ දුලාජ් ලකුණු සංඛ්‍යාව 14-14ක් ලෙස සම කළේය. අනතුරුව පළමු භාගය නිමාවීමට පෙර නිෂොන් පෙරේරා තැබූ උත්සාහක දිනුමකින් නැවත පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිලට හැකිවිය.
දුලාජ් පෙරේරා එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් පසුව පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 21-14කින් හැව්ලොක්ස් පිල ඉදිරියට තබමිනි. ප්‍රතිවාදීන් පසුපසින් හඹා යමින් තරගයේ ජයග්‍රහණය උදුරා ගැනීමේ අදිටනින් පසුවූ යුද හමුදා ක්‍රීඩකයෝ දෙවැනි භාගයේ ආරම්භයේදීම සම්පත් කුමාරගේ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 19 දක්වා ඉහළ දමාගත්තේය. එය ගෝලයක් බවට පත් කිරීමට ගයාන් සාලින්දට හැකිවූයේ නැත.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.