Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
තහනම් උත්තේජක ශරීර ගත කර ගැනීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා සෙමිණි අල්විස්ට ඒ සම්බන්ධයෙන් ලබන අගහරුවාදා (14) ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජිතායතනය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස දැනුම්දී තිබේ.
මෙම ක්‍රීඩිකාව වසර 2015 ඕස්ට්‍රේලියාවේදී පැවැති ලෝක දැල්පන්දු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ දැනටත් ජාතික දැල්පන්දු සංච්තයේ කල් ගෙවන ක්‍රීඩිකාවකි.
ඇය සෞදි අරාබියේදී ලබන සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ වන මීළග ආසියානු දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරමින් දැන් ආරම්භ කර ඇති ක්‍ර්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංච්තයටද ඇතුළත්ව සිටින ක්‍ර්‍රීඩිකාවකි.
මාර්තු 21 වැනිදා සෙමිණි අල්විස් හා හසිතා මෙන්ඩිස් යන ජාතික දැල්පන්දු සංච්තයේ ක්‍රීඩිකාවන් දෙදෙනකුගෙන් ලබා ගත් මුත්‍රා නියැදි පරීක්ෂාවට අනුව ඇය මෙලෙස චෝදනා ලබා තිබේ. මෙම තත්වය තුළ චෝදනා ලැබූ ක්‍රීඩිකාව ජාතික සංචිතයෙන් තාවකාලිකව ඉවත් කිරිමට කටයුතු කෙරේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවැසුවේ සෙම්ප්‍රතිශ්‍යාව හා උණට ඇය ව්සින් ලබා ගත් කියන ඖෂධ පිළිබඳව ඇය දැල්පන්දු සම්මේලනය දැනුවත් කර ඇති බවයි.
ඇය ' බී" මුත්‍රා නියැදි පරික්ෂාව සිදු කර ගැනීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවත් කෙසේවුවත් අදාළ චෝදනාව සෙමිණි ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඇය නිදොස් කර ගැනීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග දැල්පන්දු සම්මේලනය විසින් ගන්නා බවත් එහිදී වික්ටෝරියා මහත්මිය වැඩිදුරටත් පැවසීය.
මේ අතර දැන් ක්‍රීයාත්මක ජාතික දැල්පන්දු සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ දෛනික කටයුතු හා එහි වැඩසටහන් පිළිබඳව සොයා බැලෙන යෙදවුමක් (ඇප් එකක්) හදුන්වාදී තිබූ බවත් ඊට අවනත නොවෙමින් කටයුතු කළ බවට මෙම මුත්‍රා නියැදි පරීක්ෂාවට ලක්වූ ක්‍රීඩිකාවන් දෙදෙනා චෝදනා ලබා සිටි බවත් මෙම සිදුවීමේදී වැඩිදුරටත් වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.