Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේ හෙල්ල වීසි කිරීමේ ශ්‍රේණිගත කිරීමේ අවසන් වටයේ 12 වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡ බලසේනාවට අයත් 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායට අයත් බලලත් නිලධාරිනී -1 නදීකා ලක්මාලි කී‍්‍රඩිකාවගේ ප‍්‍රවීනතාවය ඇගැයීමට ලක් කර අඛණ්ඩව පුහුණු කටයුතු සිදු කර ගෙන යෑම සඳහා ස්ථිර අනුග‍්‍රාහකත්වයක් ලබා දීමට ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාව කටයුතු කර ඇත.
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායකගේ උපදෙස් පරිදි අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන සපයා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාධිනායක මේජර් ජෙනරාල් එස්.ඒ.පී.පී. සමරසිංහ මහතා ඊට අවැසි කටයුතු සම්පාදනය කළ අතර, බ්ලැක්ස්ටෝන් ඉංජිනේරු (පුද්) සමාගමේ සභාපති බුද්ධික කදුරුගමුව මහතා මූල්‍යමය අනුග‍්‍රහය ලබා දීමට ඉදිරිපත් විය.
නදීකා ලක්මාලි මුහුණ දුන් මුල්‍යමය ගැටළු විසදා ගෙන පුහුණු කටයුතු නොකඩවා කර ගෙන යාම සඳහා මුල් අදියරේ දී මාස 5ක කාලයක් සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂයක මුදලක් ඇයට පිරිනැමිණි. කොස්ගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනා මූලස්ථානයේ දී සිකුරාදා (04) මෙම මුල්‍ය අනුග‍්‍රහයේ ප‍්‍රථම මුදල් වාරිකය පරිත්‍යාග කිරීමේ උත්සවය පැවැත්විණි.
අදාල චෙක්පත බුද්ධික කදුරුගමුව මහතා බලලත් නිලධාරිනි නදීකා ලක්මාලි වෙත පිරිනැමු අතර, එම අවස්ථාවට ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජනරාල් එස්.ඒ.පී.පී. සමරසිංහ, නියෝජය සේනා විධායක මේජර් ජනරාල් ඩබ්.ඞී.එල්.පී. වික‍්‍රමසිංහ සහ ප‍්‍රධාන මාණ්ඩලික බි‍්‍රගේඩියර් ඩබ්.ඒ.එන්.එම්. වීරසිංහ යන නිලධාරීහු එක් වූහ.
නදීකා ලක්මාලිගේ දක්ෂතා අගය කරනු වස් හෙල්ල විසි කිරීමේ තරගයෙන් ජය ගෙන පැමිණිමෙන් අනතුරුව රුපියල් 25000 ක මුල්‍ය පරිත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාව මීට පෙර ද කටයුතු කර තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.