Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොවිඞ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් දින 14 ක නිරෝධයන කි‍්‍රයාවලියකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ උපදේශක රංගන හේරත් මහතා එම කි‍්‍රයාවලිය අවසන් කොට යළිත් බංග්ලාදේශ කණ්ඩායම සමග එක්වී ඇත.
”නිරෝධායනය අවසන් වූ නිසා ඔවුන් මට කණ්ඩායම සමග එක්වීමට අවසර ලබාදුන්නා. නැවත කණ්ඩායම සමග එක්වීමට ලැබීම ගැන මට හුඟක් සතුටුයි. පසුගිය සති දෙකක කාලය ගත කරන්න මට තරමක් අපහසු වුණා. ඒත් දැන් මම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සමග එක්ව පුහුණුවීම් ආරම්භ කරනවා. මේ අවස්ථාවේදී මට දක්වපු සහයෝගය සම්බන්ධයෙන් බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයට වගේම නවසීලන්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මම හුඟක් ස්තූති වන්ත වෙනවා.” යැයි හේරත් මහතා පැවසීය.
බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා නවසීලන්තයේ සංචාරයක නිතර වෙමින් සිටියි. හේරත් ඇතුළු බංග්ලාදේශ කණ්ඩායමේ සාමාජිකයන් 8 දෙනෙකු නවසීලන්තයට ගොඩ බැසීමෙන් අනතුරුව කොවිඞ් ආසාදිත බවට හඳුනාගනු ලැබූහ.
එම 8 දෙනා අතරට කී‍්‍රඩකයන් මෙන්ම කී‍්‍රඩකයන්ගේ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෝද ඇතුළත් වූහ. මැලේසියාවේ සිට නවසීලන්තය දක්වා පැමිණි ගුවන් යානයේදී කොවිඞ් ආසිදිතයකු සමග සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ඔවුන් 8 දෙනාටම දින 14 ක නිරෝධයන කි‍්‍රයාවලියකට ලක්වීමට සිදුවූහ.
මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම යළිත් පුහුණුවීම් ආරම්භ කර ඇති අතර හෙට (28 වැනිදා) සහ අනිද්දා (29) නවසීලන්ත කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පුහුණු තරගයකටද කී‍්‍රඩා කිරීමට නියමිතය. ඉකුත් 22 සහ 23 යන දිනවලදී බංග්ලාදේශ සංචිතයේ කී‍්‍රඩකයන් කණ්ඩායම් දෙකකට බෙදී පෙරහුරු තරගයක්ද කී‍්‍රඩා කළහ.
බංග්ලාදේශට සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 1 වැනිදා ටවුරංගාහි බේ ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි මස 9 වැනිදා ක‍්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.